අස්වැසුමෙන් අතිරේක සහන කාලයක්!

Date:

රෂිකා හෙන්නායක නොවැම්බර් 23, කොළඹ (LNW):

මෙතෙක් අයදුම් කිරීමට නොහැකිවූ පුද්ගලයින් සඳහා අතිරේක සහන කාලයක් ලබා දීමට අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය තීරණය කර තිබේ.

නොවැම්බර් 25 වනදා සිට දෙසැම්බර් මස 02වැනිදා දක්වා අස්වැසුම ප්‍රතිලාභ වැඩසටහනට අයදුම්කිරීමට අවස්ථාව ලබා දී ඇති බව, එහි සභාපති ජයන්ත විජේරත්න මහතා පැවසුවේය.ඒ සඳහා වන අයදුම්පත්‍රය ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් ලබා ගත හැකි වෙයි.

තවද, අස්වැසුම ප්‍රතිලාභී යෝජනා ක්‍රමයේ පළමු වටයේ ප්‍රතිලාභීන් තෝරා ගැනීමේදී අගතියට පත් පුද්ගලයින්ට දුක්ගැනිවිලි ඉදිරිපත් කිරීම සඳහා ද දෙසැම්බර් මස 15 වන දින දක්වා අවස්ථාව ලබා දී ඇති බවත්, අස්වැසුම යෝජනා ක්‍රමයේ පළමු අදියර යටතේ පවුල් ලක්ෂ 17ක් සඳහා දීමනා ගෙවීම සිදුකරන අතර ප්‍රතිලාභ අපේක්ෂාවෙන් එහි දෙවන අදියර සඳහා අයදුම්පත් හාර ලක්ෂ 55,000ක් ලැබී ඇති බවත්, සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පෙන්වා දී ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ට්‍රම්ප් ප්‍රංශ වයින් සහ ෂැම්පේන් සඳහා 200% තීරුබදු පැනවීමට සැරසේ

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

හබරාදුව ප්‍රාදේශීය සභාවේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වෙයි!

රෂිකා හෙන්නායක ජනවාරි 21, කොළඹ LNW : හබරාදුව ප්‍රාදේශීය සභාවේ...

නන්දන ඔබට සුභ ගමන්.

නන්දන ගුණතිලක සහෝදරයා ජාතියට සමුදෙමින් අවසන් ගමන් ගියා.නන්දන මිය...

වසර 15ක දිගු නිහැඩියාවකින් අනතුරුව ජපානය ලොව විශාලතම න්‍යෂ්ටික බලාගාරය නැවත විවර කිරීමට සැරසේ

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වසර 15ක දිගු...