අසත්‍ය ප්‍රකාශයක් ගැන නිවේදනයක්!

Date:

රෂිකා හෙන්නායක නොවැම්බර් 23, කොළඹ (LNW):

මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන, අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සම්භන්ධයෙන් සිදුවන ප්‍රචාර මුළුමනින්ම අසත්‍ය බව සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙයි.

ඒ, අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මහනුවර රජයේ රෝහලක නිරීක්ෂණ චාරිකාවක නිරත වෙමින් එහි  පරික්ෂා කිරීම් සිදු කර අඩුපාඩු පෙන්වා දුන් බවට යන අසත්‍ය ප්‍රචාරයයි.

අමාත්‍යාංශය සඳහන් කරන්නේ, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා  සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස පත්වීමෙන් පසු මෙතෙක් කිසිදු රෝහලක නිරීක්ෂණයකට එක්වී නැති බවයි.

ඊයේ (22) දිනයේ ඒ මහතා කොළඹ පිහිටි සෞඛ්‍ය අමාත්‍යාංශයේ රැදී සිටිමින් රාජකාරීවල නිරත වූ බැවින් අමාත්‍යාංශ පරිශ්‍රයෙන්  බැහැරව යාමට අවස්ථාවක් හිමිනොවූ බවත්, එබැවින් මහනුවර හෝ දිවයිනේ කිසිදු රෝහලක නිරීක්ෂණයට එක්වීමට අවස්ථාව තිබුණේ නැති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙයි.

ඒ අනුව, මෙවැනි තත්ත්වයක් යටතේ සාවද්‍ය ප්‍රචාර ගෙනියමින් අදාළ ආයතන හා මහජනතාව නොමග යැවීමෙන් වළකින ලෙස  සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ මාධ්‍ය ලෙක්ම් දීප්ති විජේතුංග නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මධ්‍යම අධිවේගයේ ටෙන්ඩරයටත් වංගු ගහන සූදානමක් – ජාතික ඉදිකිරීම් සංගමය ජනපතිට ලියයි !

මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ තුන්වැනි අදියරේ දෙවැනි කොටසේ පැකේජ්...

කථානායකට එරෙහිව අල්ලස් කොමිසමට ඉදිරිපත් වුණු පැමිණිල්ලේ දූෂණ චෝදනා 8ක් !

වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා විසින්...

කැලිෆෝර්නියා ප්‍රාන්තය WHOහි සාමාජිකත්වය ලබාගනියි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): 78 වසරක් පුරා...

දලයි ලාමාතුමා ග්‍රැමී සම්මානයෙන් පිදුම් ලබයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ගෙවුණු සතිඅන්තයේ අති...