රෂිකා හෙන්නායක නොවැම්බර් 23, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):
වසරක් තුළ 7 වැනි වරටත්, අයිස්ලන්තයේ රෙජනේස් ගිනිකන්ද පුපුරා ගිය බව එරට මාධ්‍ය වාර්තා කරයි.වසර 800කට පසු සක්‍රිය වූ රෙජනේස් ගිනිකන්ද පසුගිය දෙසැම්බර් මාසයේ සිට හත්වැනි වරට මෙලෙස පුපුරා ගොස් ඇත.
ලාවා සහිත අලු කිලෝමීටර් 3ක් පමණ දිගින් යුතු ප්‍රදේශයක පැතිර ගොස් තිබෙන අතර, භූ කම්පන ක්‍රියාකාරකම් නිරීක්ෂණය කරන අයිස්ලන්ත කාලගුණ විද්‍යා කාර්යාලයට අනුව මෙම පිපිරුමට මීට පෙර පිපිරුමට වඩා සැලකිය යුතු ලෙස කුඩා එකක් බවට ගණන් බලා තිබෙන බව පැවසේ.
ජනතාව මෙම ප්‍රදේශයෙන් ඉවත් කර තිබෙන බව එරට මාධ්‍ය වාර්තා කරයි.