ජාතික ජන බලවේගයේ වසර දෙකක පාලනය තුළ ශ්‍රී ලංකාව ආසියාවෙන් ඉහළට පැමිණ ලෝක මට්ටමේ සන්නාමගත කිරීමක් දක්වා ඉදිරියට එමින් පවතින බව ජාතික ජන බලවේගයේ මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේ හේමන්ත මහතා පවසයි.
“පහුගිය අවුරුදු දෙක ඇතුළත මොනවද අයවැයෙන් කළේ කියලා අහන විපක්ෂයට අපිට උත්තරයක් විදියට කියන්න තියෙන්නේ, අපි ලංකාවේ තිබුණ අර්බුදකාරී තත්වයට යම් සාධනීය පිළිතුරක් අරන් දුන්නා විතරක් නෙවෙයි, අද වෙනකොට ආසියාවෙන් උඩට ඇවිල්ලා ලෝකයේ සන්නාමගත කිරීමක් දක්වා අදාළ සියලු ආර්ථික වගේම සමාජීය දර්ශකවලින් ඉස්සරහට ක්‍රම ක්‍රමයෙන් එමින් සිටිනවා”
දිනේෂ් හේමන්ත මහතා මේ බව පැවසුවේ ඊයේ (22) දිනයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.


