ඉඩම්, වාහන මිලදී ගැනීමේදී සැලකිලිමත් වෙන්න : ලක්ෂ 05ට වැඩි අත්පිට මුදල් ගනුදෙනු ගැන IRD රතු එළියක් !

අනුමත බැංකු සහ විද්‍යුත් ගෙවීම් පද්ධතියෙන් බැහැරව රුපියල් ලක්ෂ පහ (500,000) ඉක්මවා සිදුකරනු ලබන ඕනෑම ආකාරයක අත්පිට මුදල් ගනුදෙනුවක් වෙනුවෙන් බදු වගකීමකට යටත් වීමට සිදුවන බවට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අනතුරු හඟවයි.

යම් ව්‍යාපාරයක් හෝ පුද්ගලයෙකු තම වියදම් හෝ වත්කම් අත්පත් කරගැනීම් නීත්‍යනුකූල බැංකු මාර්ග ඔස්සේ තහවුරු නොකර මුදල් නෝට්ටු මඟින් සෘජුව පියවන්නේ නම්, අදාළ මුදල බදු ගණනය කිරීමේදී ‘අඩු කළ හැකි පිරිවැයක්’ ලෙස පිළිනොගන්නා බවයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් එම්. එල්. එස්. පී. ගුණතිලක මහතා සඳහන් කළේ.

ඒ අනුව, යම් ආයතනයක් රුපියල් ලක්ෂ 10ක මුදලක් චෙක්පත් හෝ බැංකු හුවමාරු භාවිත නොකර අත්පිට මුදලින් කිසියම් වියදමක් ලෙස ගෙවුවහොත්, එම රුපියල් ලක්ෂ 10 ව්‍යාපාරයේ වියදමක් ලෙස සැලකීම බදු නිලධාරීන් විසින් ප්‍රතික්ෂේප කරනු ලබන බවත් එහි ප්‍රතිඵලයක් ලෙස එම මුදල ද ව්‍යාපාරයේ ශුද්ධ ලාභයට එක්වන අතර, 30%ක ආයතනික ආදායම් බදු අනුපාතයට යටත් ආයතනයකට නම් එම මුදල මත පමණක් රුපියල් 300,000ක අතිරේක බදු මුදලක් රජයට ගෙවීමට සිදුවනු ඇති බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

“කෑෂ් බිස්නස් කියන එක, මුදලින් කරන බිස්නස්වලදී එක්ස්පෙන්සස් ඉඩදෙන්නෙ නෑ අපි. උදාරණයක් හැටියට කියනවා නම් ඒක ලක්ෂ 5 සීමාවක තියෙන්නෙ, ලක්ෂ 5කට වඩා වැඩි වියදමක් කෑෂ්වලින් කරලා තියෙනවා නම් කවුරුහරි – බැංකු ක්‍රමවේදයක් හරහා නොවන ක්‍රමයකට, කෑෂ්වලින් කරලා තියෙනවා නම් – ඒ වියදම වියදමක් විදියට අඩුකරන්නෙ නෑ. ඒ කියන්නෙ වියදමක් විදියට අඩුකරන්න අපි ඉඩදෙන්නෙ නෑ කියන්නෙම එයාගෙ ලාබය ගණනය කිරීම ලක්ෂ 5කින් වැඩිවෙනවා. උදාහරණයක් විදියට හිතන්න ව්‍යාපාරයක වියදමක් කරලා තියෙනවා ලක්ෂ 10ක් කෑෂ්වලින්. අපි ඒ වියදම ඉඩදෙන්නෙ නෑ. එයාගෙ ලාබ අලාබ ගිණුමෙ තියෙනවා අහවල් වියදම කළා, රුපියල් ලක්ෂ 10යි කියලා. කරලා තියෙන්නෙ කෑෂ්වලින්. අපි ඒක පිළිගන්නෙ නෑ, එතකොට එයාගෙ ලාබය ලක්ෂ 10කින් වැඩිවෙනවා. ලාබය ලක්ෂ 10කින් වැඩිවෙනවා කියන්නෙ ඒකට 30%ක් බදු ගෙවන්න සිද්ධ වෙනවා”

ප්‍රශ්නය – පෞද්ගලික පුද්ගලයෙක් ඉඩමක් වගේ මිලදී ගත්තොත් මොකද වෙන්නෙ එතකොට ?

“අනිවාර්යයෙන්ම ඉඩම මිලදී ගැනීම මත සහ ඊටපස්සෙ ඉඩම ආපහු යම්කිසි කාලයකදී වික්කොත් කැපිටල් ගේන් කියලා බද්දක් තියෙනවා, ඒකත් ආදායම් බද්දේම කොටසක්, හැබැයි මේ ඉඩම මිලදී අරගෙන තියෙන්නෙ කෑෂ්වලට නම්, ඉඩම විකුණන දවසට විකුණන්නෙ ලක්ෂ 100කට, ඉඩම අරගෙන තියෙන්නෙ ලක්ෂ 90කට කියලා හිතමු, එතකොට අපි ලක්ෂ 90 ඉඩදෙන්නෙ නෑ. එතකොට ලක්ෂ 100ම එයාගෙ ලාබය හැටියට සලකනවා, ලක්ෂ 100ටම එයාට බදු ගෙවන්න වෙනවා. හැබැයි ලක්ෂ 90ට අරගෙන 100ට වික්කොත් ලක්ෂ 10යිනෙ ලාබය, බැංකු ක්‍රමයකින් ගනුදෙනු කරලා තිබුණොත් ඒ ලක්ෂ 10ට තමයි බදු ගෙවන්න ඕනෙ. ඒ වගේ ක්‍රමවේද හරහා මේ නිල නොවන ක්‍රමයට කෙරෙන, රෙකෝඩ් වෙන්නෙ නැති ගනුදෙනු සහ ඒ පසුබිම අපි ආවරණය කරමින් පවතිනවා”

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් එම්. එල්. එස්. පී. ගුණතිලක මහතා මේ බව පැවසුවේ ජාතික රූපවාහිනී නාලිකාවේ විකාශය වූ වැඩසටහනකදී ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඔක්තෝබර් ජාතික උද්ධමනය 8.5% දක්වා ඉහළට !

සටහන - රුවන් නෙළුගොල්ල 2026 ඔක්තෝබර් මාසයේදී මෙරට ජාතික උද්ධමනය...

යුද්ධය නිසා “විෂ සහිත මුඩු බිමක්” වූ ගාසාව – පරිසරයෙන් 99%ක් විෂෙන් පිරී යයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ඊශ්‍රායලය විසින් ක්‍රියාත්මක කර තිබෙන ජන සංහාරක...

ත්‍රිකුණාමලයේ ඉඩම් අයිතිය: පරිපාලනමය බාධා කිරීම් මැද අසරණ පුරවැසියන්ගේ ‘හිමිකම’ අහිමි වෙයි?

ත්‍රිකුණාමලයේ ඉඩම් අයිතිය: පරිපාලනමය බාධා කිරීම් මැද අසරණ පුරවැසියන්ගේ ‘හිමිකම’ අහිමි වෙයි?