බෝග කීපයක ආනයනය පිළිබඳ ප්‍රශ්නයක්! ඇමති වාර්තාවක්ද ඉල්ලයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): බෝග කිහිපයක් ආනයනය කර ඇත්ද යන්න සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍යවරයා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් වාර්තාවක් ඉල්ලා ඇත.

ඒ, කිරි අල හා එළවළු බෝග ආනයනය පිළිබඳව බවයි සදහන් වන්නේ.

අප රටේ වැවීමට හැකියාව තිබිය දී කිරි අල ඇතුළු එළවළු හා අල බෝග විදේශ රටවලින් ආනයනය කර ඇති අතර මේ සඳහා ඩොලර් මිලියන 293ක් වැය කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විසින් ප්‍රකාශ කර තිබූ අතර, එම ප්‍රකාශයේ දැක්වෙන පරිදි කිරි අල ඇතුළු එළවළු වර්ග කිහිපයක් මෙරට වගා කිරීමට හැකියාව තිබිය දී ආනයනය කර ඇත්ද යන්න සම්බන්ධව තමන්ට වහාම වාර්තාවක් ලබා දෙන ලෙස කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද (23) දින කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට නියෝග කර ඇති බව වැඩි දුරටත් වාර්තා වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වමේ දේශපාලනය අතහැරලා ඒකෙන් එළියට යනවා නම් ….

නන්දන යන්න ගිහින්.. අපි වමේ දේශපාලනය අත හැරලා ඒකෙන් එළියට...

පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු සැකකරුවන් තව දුරටත් රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක ජනවාරි 19, කොළඹ LNW : පූජ්‍ය බලංගොඩ කස්සප...

”අඳුර දුරු කළ හැකි මඟ” කළු ජනවාරියේ සැමරුම සංවාද ගත වෙයි! (PHOTOS)

කොළඹ LNW:ඝාතනයට සහ අතුරුදන්කිරීමට ලක්කළ මාධ්‍යවේදීන්ට තවමත් යුක්තිය ඉටු...

ඔබගේ ගෙළෙහි සුවඳ විලවුන් තැවරීම අවදානම්ද ?

රෂිකා හෙන්නායක ජනවාරි 19, කොළඹ LNW : වර්තමානයේ කතාබහට ලක්වන බෙල්ලේ...