*
Saturday, May 4, 2024
spot_img

Latest Posts

විද්‍යුත් මාධ්‍ය නියාමනය හොඳයි.කොයි වෙලාවේ බැලුවත් නිවන් සුව පතනවා!

කොළඹ LNW:විද්‍යුත් මාධ්‍ය නියාමනය හරහා සමාජයේ ප්‍රවෘත්ති සාධාරණව ඉදිරිපත් කරන කිසිම මාධ්‍ය ජාලයකට,විද්‍යුත් මාධ්‍ය ආයතනයකට හානියක් නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.චන්ද්‍රසේන මහතා පවසයි.

කොතරම් හොඳ ප්‍රවෘත්තියක් පළකළත් සමාජ මධ්‍යයේ ප්‍රචාරය වන්නේ නිවන් සුව පැතීම බවයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

පසුගිය දින මහින්ද රාජපක්ෂ මහතාගේ උපන්දිනයට සුභ පතා තමන් එක කළ පොස්ටුවටද ප්‍රතිචාර දක්වා තිබුණේ නිවන් සුව පතමින් බව චන්ද්‍රසේන මහතා කියාසිටියි.

”විද්‍යුත් මාධ්‍ය නියාමනය කරනවා කියන්නේ ජාතික මට්ටමේ තිබෙන රූපවාහිනිය, පුවත්පත්, ගුවන්විදුලිය නොවේ.සමාජ අසාධාරණයට ලක්වෙනවා පිරිසක් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ. කෙතරම් හොඳ ප්‍රවෘත්තියක් පලකළත් සමාජ මාධ්‍යවල ප්‍රචාරය වන්නේ නිවන්සුව පැතීම. මම මේ ලඟදි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපන්දිනයට සුභ පතලා සමාජ මාධ්‍යයට දැම්මා. රට බේරගත්ත ජාතික නායකයෙකුට උපන්දිනයට සුභ පතලා මගේ ෆේස්බුක් එකේ පෝස්ට් එකක් දැම්මාම එහි පහළින් එක්දාහස් ගාණක් කියලා තිබෙන්නේ ඉක්මණින් නිවන්සුව ලැබේවා කියලා. ඉක්මණින් මැරෙන්න කියලා මහින්ද රාජපක්ෂ මැතිතුමාට කියන්නේ.අද මේ රටේ ජනතාව ජිවත්වෙන්නේ, හුස්ම ගන්නේ මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ රටේ ත්‍රස්තවාදය අතුගාලා දැමු නිසා. හුගක් දෙනෙක්ට එය මතක නැහැ. ඒ කාලකන්නි විද්‍යුත් ක්‍රමය නම් ඒ නරක පිරිසගෙන් ඉවත් කරගන්න එක හොඳයි. එහෙම නැතිව සමාජයේ සාධාරණව ප්‍රවෘත්ති ඉදිරිපත් කරන ඒ කිසිමමාධ්‍යයකට, විද්යුතත් මාධ්‍ය ආයතනයකට කිසිම හානියක් වෙන්නේ නැහැ. මාධ්‍යය අවශ්‍යයි.නමුත් සමාජයේ වෙච්ච දේවල් නොවෙච්චි විදිහට වුණා කියලා ඒවා අර්ථකතනය කරමින් සමාජයේ නායකයන්ට පහර ගහන විද්‍යුත් මාධ්‍ය ආයතන නම් අවශ්‍ය නැහැ. සාධාරණ විද්‍යුත් මාධ්‍ය පවතිනවා නම් එයට අපි ඉතාම පක්ෂයි.” යනුවෙන් මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan