ඔබත් රුසියාවට යන්න කැමතිද? මෙන්න අනගි අවස්ථාවක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ලෝකයේ තරුණ ප්‍රජාවට ඉතා වටිනා අවස්ථාවක් හිමි කර දීමට රුසියානු රජය ඉදිරිපත් වී සිටී. ඒ අනුව , මෙවර ලෝක තරුණ උළෙල 2024 මාර්තු 1 සිට 2024 මාර්තු 7 දක්වා රුසියාවේ සෝචි හිදි පැවැත්වීමට තීරණය කර ඇත. මේ පිළිබඳ මාධ්‍ය ආයතන දැනුවත් කිරීමේ වැඩසටහනක් අද ( 23) දින රුසියානු සංස්කෘතික මධ්‍යස්ථානයේදී රුසියානු තානාපති Levan Dzhagaryan මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.

ඒ අනුව, මෙම උත්සවය , 2023 අප්‍රේල් පස්වන දින රුසියානු සමූහාණ්ඩුවේ සභාපති විසින් අත්සන් කරන ලද අංක 249 දරන ලෝක තරුණ උළෙල පැවැත්වීම පිළිබඳ සම්මුතිය යටතේ සංවිධානය කෙරෙනු ඇත.

ගෝලීය තරුණ ප්‍රජාව සමානාත්මතාව අන්‍යෝන්‍ය ගෞරවය සහ පදනම් කර ගනිමින් එක් අරමුණක් ඔස්සේ එක්සේසත් කරන මෙවැනි උත්සවයක් රුසියාවේ සංවිධානය කෙරෙන්නේ මුල්වරට නොවෙයි.

එමෙන්ම, මෙම උළෙලේ ආරම්භක දිනය, රුසියා විසින් සංවිධානය කළ 2014 ඔලිම්පික් උළෙල නිමකළ දිනයේ දශ වර්ෂ සැමරුම යෙදී තිබීම ද විශේෂත්වයකි. උත්සවය පැවැත්වෙන්නේ ” ඔලිම්පික් පාක් ” ක්‍රීඩාංගණයේ දීය.

මෙම උත්සවයේ අරමුණ අපගේ අනාගතය පිළිබඳ සිතනා වඩාත් ප්‍රගතිශීලී තරුණ තරුණියන් එක්සත් කිරීමයි. විද්‍යාත්මකව හා අධ්‍යාපනික ක්‍රියාකාරකම් මාලාවක් හරහා උත්සවයේ ඉලක්කය සාක්ෂාත් කරනු ලැබේ.


එමෙන්ම මෙහි විවෘත සාකච්ඡාවට සහභාගිවන්නන්ට උත්සවය ඇමතීමට ද අවස්ථාව හිමිවේ.

විද්‍යාව, සංස්කෘතිය, ක්‍රීඩා, මාධ්‍ය, පුණ්‍යායතන සහ ස්වෙච්ඡා සේවය, ජාත්‍යන්තර සබඳතා වැනි ක්ෂේත්‍ර ගණනාවක් නියෝජනය කරන තරුණ නායකයින් රටවල් 180 කින් ඒ සඳහා සහභාගී වීමට නියමිතයි.

සහභාගි වන්නන් ගේ වයස් සීමාව වයස 35ට අඩු විය යුතු අතර තෝරා ගැනීම තරගකාරී ක්‍රමවේදයකට අනුව සිදු වේ.

උත්සවය සඳහා තරුණ තරුණියන් විසිදාහක් (20000) සහභාගී වන අතර රුසියාවෙන් දහදාහක් (10000) සහ විදේශයන්ගෙන් දහදාහක් (10000) සහභාගී වනු ඇත.

උත්සවයේ න්‍යාය පත්‍රයට සාකච්ඡා, අධ්‍යාපනික, සංස්කෘතික හා ක්‍රීඩා වැඩසටහන් අඩංගු වේ.

ලෝකයේ විවිධ කලාපවලට ( ඇමෙරිකාව , මැදපෙරදිග, අප්‍රිකාව ,යුරෝපය ,ආසියාව සහ ඕෂනියාව) ඇති ආවේණික ගැටළු සලකා බැලීම මෙහි තවත් අරමුණකි.

රුසියාවේ සහ අනෙකුත් රටවල ඉතිහාසය , සංස්කෘතිය සහ සම්ප්‍රදායන් පිළිබඳ සහභාගි වන්නන් දැනුවත් කිරීම සඳහා සංස්කෘතික වැඩසටහනක් ද සැලසුම් කර තිබේ.

උත්සවයේ කටයුතු සිදු කෙරෙන භාෂා වන්නේ එක්සත් ජාතීන්ගේ නිල භාෂා ( රුසියානු , ඉංග්‍රීසි , අරාබි , ස්පාඤ්ඤ, චීන සහ ප්‍රංශ) හයයි.

එම කටයුතු සියලුම නවීන තාක්ෂණයෙන් ඔලිම්පික් උද්‍යානයේදී සිදු කරනු ඇත.

කලාපීය වැඩසටහනට සහභාගි වී පසුව රුසියානු නගරවල සංචාරය කිරීමටද විදේශීය නියෝජිත කණ්ඩායම්වල තෝරාගත් සාමාජිකයන්ට අවස්ථාව ලැබෙයි.

5000ක් ස්වෙච්ඡා කණ්ඩායමක් උත්සවය සංවිධාන කටයුතුවලට සහාය ලබාදෙනු ඇත. ඒ පිළිබඳ වැඩි විස්තර මෙම යොමුවෙන් ලබාගන්න.
official website – https://clck.ru/35Kmwj

World youth festival 2024 Press Conference At Russian Center Pic By Sudath Nishantha

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රජය ලබාදුන් ආදයම් ඉලක්කයට යා හැකියි – රේගු මාධ්‍ය ප්‍රකාශක

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW: අද (3) කොළඹ දී...

විවාහයෙන් දින දහයකට පසු මරු තුරුළට ගිය ලිවර්පූල් පාපන්දු ක්‍රීඩක Diogo Jota!

සටහන – පුලී ජූලි 03, කොළඹ (LNW): ලිවර්පූල් සහ පෘතුගාල...

අවධමන රැල්ලේ අවසන් මාසය

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව 2025 ජූනි මාසය තුළද...

සිසු සැරිය සඳහා රජයෙන් ලබා දෙන ගාස්තුව ඉහළ නැංවීමේ සැලසුම්!.

කොළඹ LNW:පාසල් දරු දැරියන් ප්‍රවාහනය කරන සිසු සැරිය පාසල්...