*
Monday, May 6, 2024
spot_img

Latest Posts

ආණ්ඩුවෙන් උත්තර නැති බදු ප්‍රශ්නය ගැන කියන්න වෘත්තීයවේදීන් NPP නායක අනුර හමුවෙයි!

කොළඹ LNW:වෘත්තිකයින්ගේ වෘත්තීය සමිති එකමුතුව හා ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුඅමර දිසානායක මහතා අතර අද (23) පස්වරුවේ විශේෂ සාකච්ජාවක් පැලවත්ත ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විණි.

විශේෂයෙන් වෘත්තිකයින් සදහා බලපා තිබෙන බදු ගැටලුව පිළිබද සාකච්ජා කිරීමට එම හමුව යොදා ගෙන තිබුණි.

එම සකචජවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ මහතා පැවසුවේ ආණ්ඩුවෙන් මේ සඳහා විසඳුමක් නොමැති නිසා විපක්ෂය සමඟ එය විසඳා ගැනීමට සූදානම් බවයි.

බදු ප්‍රශ්නය නිසා වෘත්තිකයින්ට සිදුව තිබෙන හානිය සාකච්ජාවේදී පැහැදිලි කළ අතර එය පිළිගත් බවද ඉලංගසිංහ මහතා ප්‍රකාශ කළේය.

එමෙන්ම මේ වන විට ආණ්ඩුව සම්බන්ධයෙන් ජන මතය වෙනස් වී තිබෙන බවද ආණ්ඩුව වැටහ ගත යුතුව ඇති බවයි ඔහු කියා සිටියේ.

අනුර දිසානායක මහතාද මාධ්‍ය වෙත අදහස් දක්වන ලදී.

”අපේ 10%ක් තමයි ශ්‍රම බලකාය. ආණ්ඩුව ඉතාම මුග්ධ ලෙස ඔවුන්ගේ ජීවිත කඩාවැටෙන්න බදු පැනවීමක් කළා. රටත් ඔවුනුත් බලාපොරොත්තුවක් තිබුණා බදු සංශෝධනයක් ඒවී කියලා. දුෂ්කර සාධක ගොඩක් මැද ජීවත්වන්නේ. වෘත්තීයවේදින්ට පනවා තියෙන බද්ද යම් ලිහිල් කිරීමක් කරන්න පුලුවන්.
මේ අයවැයෙන් ඒක කරන්න පුලුවන්. ඔවුන්ට මේ බද්ධ පනවද්දී තිබුනට වඩා වැඩි ආදායමක් තියෙනවා ඒ කියන්නේ යම් සංශෝදහනයක් ගේන්න පුලුවන්.ජනාධිපතිවරයාට මැතිවරණයකින් ඒක තීරණය කරන්න බෑ. ඒක කරන්න ඕන ව්‍යවස්තාවෙන්.ජනාධිපතිවරයා ඔහුට සිතැගි මැතිවරණ තියන්න හදනවා.
අපේ මූලික උත්සාහය නියමිත මැතිවරණය දිනාගන්න එක.ඔහු එහෙම කරන්න හදනවනම් ධූර කාලයේදීවත් ඉන්න ලැබෙන්නේ නෑ”
යනුවෙන් දිසානායක මහතා අදහස් දැක්වීය.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan