ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර ගැන කිසිදු අර්බුදයක් නැහැ – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස (VIDEO)

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ජාතික ලැයිස්තුධුර මන්ත්‍රිධුර ගැන ඉදිරියේ දී දැනුම් දෙන බවත් ඒවා නිසි ක්‍රමවේදය සහ ව්‍යවස්ථානුකූලව ක්‍රියාත්මක කරන බවත් ජාතික ලැයිස්තු මන්ත්‍රිධුර ගැන කිසිදු අර්බුදයක් උද්ගතව නොමැති බවත් සමගි ජන බලවේගයේ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

හරියට කතා කළොත් පසුබෑමකට ලක්වූ ලැයිස්තුවේ සිටින සියලු දෙනා ගුණාත්මකභාවයෙන් ඉතා ඉහළ අය බවත් මේ සියලු දෙනාටම රට ගොඩගැනීමේ වගකීමේ ලොකු වගකීමක් තිබිය යුතු බවත් මේ ලැයිස්තුවේ ඉතා පරිණත කොට්ඨාසයක් සිටින බවත් තමාගේ හිතේ ඇත්තේ කඩාවැටුණු ගරාවැටුණු රට සහ ලක්ෂ 220ක් ජනතාව ගොඩගැනීම බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

පාර්ලිමේන්තුවේත් ඉන් පිටතත් නවක මන්ත්‍රිවරුන්ගේ හැසිරීම් ගැන නිගමනයකට ආ හැක්කේ රටේ ජනතාවට බවත් පාර්ලිමේන්තුවේ ක්‍රියාත්මක ස්ථාවර නියෝගවලට අනුව කටයුතු කළ යුතු බවත් විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළේය.

අපේ ප්‍රතිපත්තිවලට එකඟවන එයට එකතු වෙන්න පුළුවන්

එසේ ම සමගි ජන බලවේගය විශ්වාස කරන ප්‍රතිපත්ති මාලාවක් ඇති බවත් මෙම ප්‍රතිපත්ති, දර්ශනය හා වැඩපිළිවෙළ පිළිගන්නා විශ්වාස කරන ධනාත්මක අදහස් ඇති සියලු දෙනාට එකතු විය හැකි බවත් එය පක්ෂයකට හෝ ලාංඡනයකට සීමා වී නොමැති බවත් මේ ප්‍රතිපත්තිවලට එකඟ විය හැකි බවට එකතු විය හැකි බවත් සජිත් ප්‍රේමදාස මහතා තවදුරටත් පැවසීය.

සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ඊයේ (නොවැම්බර් 23) දිනයේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එස්එස්සී ඉහළට

නිශ්මං රණසිංහ ජනවාරි 26, කොළඹ LNW: ඉකුත් වසරේ දක්වන ලද...

ඉරානයට පහර දුන්නොත් ‘සම්පූර්ණ යුද්ධයක්’ ඇති වන බවට ඉරාකයේ Kataib Hezbollah සංවිධානය අනතුරු අඟවයි

රෂිකා හෙන්නායක ජනවාරි 26 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත්...

චීනයේ ඉහලම ජෙනරාල්වරයකු න්‍යෂ්ටික හා මිසයිල සම්බන්ධ රාජ්‍ය රහස් එක්සත් ජනපදයට කාන්දු කළ බවට චෝදනා ලබයි

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 26: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ජ්‍යෙෂ්ඨතම හමුදා...

2025 අපනයන ආදායමේ කැපී පෙනෙන වෙනසක් – වෙලා තියෙන වෙනස මෙන්න!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: 2025 දී ශ්‍රී ලංකාවේ අපනයන අංශය...