ජපාන නායිකාව සීමාව ඉක්මවා ගිහින් – චීන විදේශ ඇමති

Date:

කොළඹ LNW: ජපාන අගමැතිනියගේ වැරදි ප්‍රකාශවලින් චීන ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බව චීන විදේශ ඇමති වං යී මහතා පවසනවා.

ආරාධනාවකට අනුව, වං යී මහතා පසුගිය 19වැනිදා සිට 22වැනිදා දක්වා කිර්ගිස්ථානය, උස්බෙකිස්ථානය සහ ටජිකිස්ථානය යන රටවල සංචාරයන් හි නිරත වී එම රටවල් තුනේ විදේශ අමාත්‍යවරුන් සමග උපායමාර්ගික සංවාද පැවැත්වුවා. එම සංචාරයෙන් අනතුරුව, හෙතෙම මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් මේ බව ප්‍රකාශ කර ති‍බෙනවා.

ලෝකයේ ඇත්තේ එකම චීනය බවත්, තායිවාන ප්‍රදේශය චීනයෙන් වෙන් කළ නොහැකි කොටසක් බවත් මෙම මධ්‍යම ආසියා රටවල් තුන ප්‍රසිද්ධියේ අවධාරණය කර ඇති බව වං යී මහතා එහිදී පෙන්වා දුන්නා. එම රටවල් තුන ඕනෑම ආකාරයක “තායිවාන ස්වාධීනත්වයට” විරුද්ධ වෙමින් රටේ එක්සත්භාවය සාක්ෂාත් කරගැනීම සඳහා චීන රජය ගන්නා සියලු උත්සාහයන්ට තරයේම සහාය දෙන බව ප්‍රකාශ කර තිබෙනවා. නමුත්, වත්මන් ජපන් නායිකාව තායිවාන ප්‍රශ්නයට යුදමය ආකාරයෙන් මැදිහත් වීමට උත්සාහ කරන බවට වැරදි සංඥාවක් ප්‍රසිද්ධියේ සිදු කළා. ජපාන නායිකාවගේ වැරදි ප්‍රකාශ ගමන් නොකළ යුතු සීමාව ද ඉක්මවා ගොස් ඇති අතර එය චීන ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් බව වං යී මහතා කියා සිටියා.

චීනය සහ ජපානය අතර දේශපාලන ලියවිලි හතරකින් තායිවාන ගැටලුව සම්බන්ධයෙන් ජපාන රජය ස්ථීර පොරොන්දුවක් ලබා දී ඇති බව ද ඔහු පැවසුවා. ජාත්‍යන්තර නීතියෙන් බැඳී ඇති තම කැපවීම් ජපානයට කිසිසේත් කඩ කළ නොහැකි බව ද චීන විදේශ ඇමතිවරයා අවධාරණය කළා.

දිනූෂි ධීරසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

SL Deshaya දර්ශන හඳුන්ගොඩ සමුගනී !

ජනප්‍රිය යූටියුබ් නාලිකාවක් වන SL Deshaya නාලිකාවේ මාධ්‍යවේදී දර්ශන...

පීඩන අවපාතය ශ්‍රී ලංකා වෙරළ තීරයට. උතුරට තද වැසි – අද (10) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින...

ලයිටර්, ගිනිපෙට්ටි තියෙද්දී අලුතින් ගින්දර හොයාගැනීමට යාම හෙවත් ලංකාවේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ

වත්මන් ආණ්ඩුව විසින් හඳුන්වාදීමට යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල මතුවෙලා තියෙන...

ඉරාන විරෝධතා හේතුවෙන් මියගිය සංඛ්‍යාව 50 දක්වා ඉහළට; කමේනිගේ පාලන තන්ත්‍රය දැඩි මර්දනයක

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරාන මුදල් ඒකකය...