කොළඹ LNW:අප රටේ පොලිස් සහතිකයක් ලබා ගැනීමට වෙන කිසිදු දවසක ක්‍රියාත්මක නොවූ නව ක්‍රමවේදයක් ක්‍රියාත්මක වීම ගැන රජයෙන් ප්‍රශ්න කරන විට රජය එය ප්‍රතික්ෂේප කළත් විපක්ෂය එය සාක්ෂි සහිතව ඔප්පු කළ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
පොලිස් සහතිකයක් ගැනීමේ දී ජවිපෙ සිවිල් ආරක්ෂක කමිටුවල සභාපතිවරුන්ගේ නිර්දේශ ලබා ගැනීමට සිදුවන අතර මේ සත්‍ය රටට කරන මාධ්‍යවේදීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගෙන්වා ඇති බවයි විපක්ෂ නායකවරයා සඳහන් කළේ.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ පොලිස් සහතික ලබා ගැනීමට ජවිපේ සිවිල් ආරක්ෂක කමිටු සභාපතිවරයාගේ චරිත සහතිකය අවශ්‍ය බවට වන ප්‍රවෘත්තියක් පළ කිරීම නිසා මාධ්‍යවේදීන් අපරාධපරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවීම ගැන විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.
විපක්ෂය උදාහරණ දෙකක් ඉදිරිපත් කළත් මීටත් වඩා සාක්ෂි සාධක ඇති බවයි ප්‍රේමදාස මහතා කියාසිටියේ.
මුළු රටම දන්න කරුණක් ලෙස මෙය හැඳින්විය හැකි බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායකයන් මේවා පක්ෂයේ ආශිර්වාදයේ මත සිදු කරන බවත් සිවිල් ආරක්ෂාවට සිවිල් ප්‍රජාවේ සියලු දෙනා පක්ෂ පන්ති භේදයෙන් තොරව එකට එකතු වී කටයුතු කළත් දැන් මේ සම්ප්‍රදාය ජනතා විමුක්ති පෙරමුණ උල්ලංඝනය කර ඇති බව හෙතෙම ප්‍රකාශ කළේය.
මොවුන් රට තුළ ව්‍යවස්ථාපිත ඒකාධිපතීත්වයක් ස්ථාපිත කිරීම උදෙසා එක පක්ෂයක් පමණක් මුළු රාජ්‍යයම මෙහෙයවන ඒකපාක්ෂික පාලනයක් ගෙන යාමට මෙවැනි ක්‍රියාදාමය සිදු කරන බවත් මොවුන් යෞවන සමාජවල නිලතල තුළින් පවා මේ ඒකාධිපති පාලනය තහවුරු කරන්න කටයුතු කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
ආණ්ඩුව විපක්ෂයේ සිටින විට මාධ්‍ය නිදහස, මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය සම්බන්ධ පනත ඉවත් කිරිම ගැන කතා කළත් අද ඒකාධිපති වියරුවෙන් කටයුතු කර සත්‍ය ඉදිරියේ දේශපාලන නිවටයන් බවට පත් ව ඇතැයි හෙතෙම තවදුරටත් කියාසිටියි.
මාධ්‍යවේදීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගෙන යන නිවට ක්‍රියාවලිය නතර කර මාධ්‍යවේදීන් ආරක්ෂා කිරිමටත් එදා කිව්ව දේවල් ක්‍රියාවට නංවා ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්න මාධ්‍ය නිදහස ආරක්ෂා කිරීමට කටයුතු කළ යුතු බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.
ආශිකා බ්‍රාහ්මණ
