කොළඹ LNW:කඩුගන්නාව සිදුවීම හේතුවෙන් වස දමා තිබෙන කොළඹ නුවර ප්‍රධාන මාර්ගය ඉදිරි දින දෙක තුන තුළ එක් මන්තීරුවක් විවෘත කිරීමට කටයුතු කරන නමුත් එම මාර්ගයේ අනතුරුදායක තත්ත්වය සමනය කර ගැනීම සඳහා එම ප්‍රදේශය ආශ්‍රිතව නායේ යෑමේ අනතුරු සහිත ගල් ක්‍රමානුකූලව පුපුරුවා හැර ඉවත් කිරීමට කටයුතු කරන බව විෂයභාර අමාත්‍ය බිමල් රත්නායක මහතා අද (24) පාර්ලිමේන්තුවේදී පැවසුවේය.
”කඩුගන්නාවේ ප්‍රශ්නය ඛේදවාචකයක්. මම අද RDA ඩිරෙක්ටර් ජනරාල්ටත් එන්න එපා කිව්වා. එයත් කඩුගන්නාවේ ඉන්නේ. අපි කල්පනා කරමින් හිටියා ගරු කථානායකතුමනි ඊයේ තත්ත්වය අනුව අද උදේ MBRO එකේ උපදෙස් අනුව වැටිච්ච ගලත් ඒ ආශ්‍රිතව තිබෙන වැටීමට ඉඩ තිබෙන ගලුත් ක්‍රමානුකූලව ස්ලෝ බ්ලාස්ට් කරලා ක්‍රමානුකූලව ඒවා අයින් කරලා අඩු ගානේ දවස් දෙක තුනකින් පාරේ එක ලේන් එකක් විවෘත කරන්න. නමුත් අද උදේ RDA එකේ DG කිව්වා MBRO එක උපදෙස් දුන්නා කියල දැන් මේ වහින වෙලාවේ, තෙතමනය සහිත වෙලාවේ බ්ලාස්ට් කළොත් තව මේක වැඩි වෙන්න පුළුවන්. ඒ නිසා ඔවුන්ගේ උපදෙස් තමයි දැනට පාරේ උඩ 98 වෙනි කිලෝමීටරේ හරිය පාර බැහැල තියෙනවා. ප්‍රසන්න ඇමතිතුමා බැලුවා. අපේ ඩොක්ටර් ධම්මික ඇමතිතුමා ගොඩක් මහන්සි වුණා ඒකට කෑගල්ලේ දිස්ත්‍රික්කයේ ඇමතිවරයා වශයෙන්. අපි බලාපොරොත්තු වෙනවා පාරේ ගිලා බැහැපු තැන් තාවකාලිකව ප්‍රතිසංස්කරණය කරලා MBRO එකේ උපදෙස් මත හෙට හෝ අනිද්දා උපරිම වශයෙන් නුවර පාරේ එක ලේන් එකක් අරින්න.”
කෙසේවෙතත් කඩුගන්නාවේ තත්ත්වය බරපතල බවත් සියලුම වාර්තා ලබාගෙන ජනාධිපතිවරයා සමඟ සාකච්ජා කිරීමෙන් අනතුරුව පිළිතුරු දීමට බලාපොරොත්තු වෙන බවත් අමාත්‍යවරයා සඳහන් කරන ලදී.
ආශිකා බ්‍රාහ්මණ
