ස්ථාන 457ක් කේන්ද්‍ර කොට ගත් මධ්‍යම පළාතේ සංචාරක ප්‍රවර්ධන සැලැස්මක්!

Date:

කොළඹ LNW:ආකර්ෂනීය ස්ථාන 457ක් කේන්ද්‍ර කොට ගත් සංචාරක උපාය මාර්ග සැලැස්මක් මධ්‍යම පළාත් වෙළද වාණිජ හා සංචාරක දෙපාර්තමේන්තුව මගින් සකස් කොට තිබේ.

වර්ෂ 2030 වන විට මෙරටට පැමිණෙන සංචාරකයන්ට නැරඹීම සඳහා සුදුසු ස්ථාන ඇතුළත් කොට මෙම සැලැස්ම සකස් කළ බවත් ඉදිරියේදී එම ස්ථාන සංවර්ධනය කිරීම අපේක්ෂාවක් යැයි එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ සඳමාලී හේවගේ මහත්මිය පැවසුවාය.

ඒ අනුව මහනුවර දිස්ත්‍රික්කයේ සංචාරක ආකර්ෂණීය ස්ථාන 216ක්, මාතලේ දිස්ත්‍රික්කයේ ස්ථාන 115ක් සහ නුවරඑළිය ආකර්ෂණීය ස්ථාන 126කින් මෙම සැලැස්ම සමන්විත යැයි අධ්‍යක්ෂවරිය කීවාය.

මධ්‍යම පළාතේ සංචාරක ආකර්ෂණීය ස්ථාන ප්‍රවර්ධනය කිරීම නිමිත්තෙන් සංචාරක නියෝජ්‍ය අමාත්‍ය මහචාර්ය රුවන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැති සාකච්ඡාවකදී අධ්‍යක්ෂවරිය මෙම අදහස් පළ කළාය.

සංචාරක ප්‍රවර්ධනයට සමගාමීව රජය ගෙන යන වැඩපිළිවෙල යටතේ මධ්‍යම පළාතේ සැලසුම් ක්‍රියාත්මක කරන බවත් ඒ සඳහා ඉකුත් වර්ෂය වෙනුවෙන් රුපියල් මිලියන 123ක මුදලක් මධ්‍යම පළාතට වෙන් කොට ඇතැයි හේවගේ මහත්මිය කීවාය.

සංචාරක ප්‍රවර්ධන මෙම සැලැස්ම ඉදිරි වර්ෂයේදී ආරම්භ කොට වසර තුනක කාලයක් තුළදී නිම කරන බව ද ඇය සඳහන් කරන ලදී.

මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තනුර දිසානායක, මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත යන මහත්වරුන් ඇතුලු මහනුවර දිස්ත්‍රික්කයේ රජයේ ආයතන ප්‍රධානීන් මෙම අවස්ථාවට සහභාගීවූහ.

නදීක දයා බණ්ඩාර – මහනුවර

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දිල්රංගගේ රංගයට තිරය වසන්න එපා!

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: මීටර් 200 ධාවන පථයක...

ඇරඹූ ප්‍රතිසංස්කරණ කටයුතු සියල්ල අවසන් අදියරේ!

රෂිකා හෙන්නායක ජනවාරි 10, කොළඹ LNW : ආපදාවෙන් රට තුළ...

හිම වැටෙන රාත්‍රියක රෝස අහසක්! Real-Life Stranger Things Moment

සටහන – පුලී ජනවාරි 10, කොළඹ (LNW): ඉකුත් බ්‍රහස්පතින්දා රාත්‍රියේ බටහිර...

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඕනේ. හැබැයි පිටරටින් කොපි කරපුවා එපා – නාමල්

කොළඹ LNW:නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ හඳුන්වා දී ඇති 6...