රජය දෙසැම්බරයේ IMF හමුවෙනවා. එතැනදී මොකක්ද කරන්නේ කියලා දැන්ම හෙළිකරන්න – රනිල් (VIDEO)

Date:

එළඹෙන දෙසැම්බර් මාසයේදී රජය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර අදහස් හුවමාරුවක් සිදුවීමට නියමිත බැවින් එහිදී සිදුකිරීමට යන්නේ කුමක්දැයි පාර්ලිමේන්තුවට හෙළිකළ යුතු බව හිටපු අගමැති, එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරයි. 

“දැන් දෙසැම්බර් මාසෙ IMF සංවිධානය සමග අදහස් හුවමාරුවක් සිදුවෙනවා. ඒ අදහස් හුවමාරුවෙදි මොකක්ද සිදුවෙන්නෙ කියලා අපට කියන්න පුළුවන්ද ? පාර්ලිමේන්තුව දැනගන්න ඕනෙ. පාර්ලිමේන්තුවට අයිතියක් තියෙනවා. විශේෂයෙන්ම විදේශ විනිමය හුවමාරු අනුපාතය ගැන අහන්න. අන්න පාර්ලිමේන්තුව මෙතෙන්ට අහනවා නම් පාර්ලිමේන්තුව අපට දැනුවත් කරන්න පුළුවන්ද ? රාජ්‍ය මූල්‍ය කොමිටිය දැනුවත් කරන්න පුළුවන්ද ? මම අහනවා ඒක අපට දෙන්න කියලා. 

එතකොට එතන තියෙයි IMF සංවිධානයේ අදහසුත්, ආණ්ඩුවේ අදහසුත්, එකඟවුණු කොටසත්, එකඟ නොවුණු කාරණාත්. මේ සියල්ලම ප්‍රසිද්ධියේ දෙන්න කියලා අපට යුතුකමක් තියෙනවා මේ ගිවිසුම යටතේත් ව්‍යවස්ථාව යටතේත් ඒක අපට ලබලා දෙන්න. මොකද ඒක අපට වැදගත් කාරණයක්. මේක හංගන්න බැහැ. අපට තිබෙනවා මේ සභාවේ කතා කරන්න, ගන්න පියවර කුමක්ද කියලා. අපි කැමතියි මුදල් ඇමතිතුමා මෙතන හිටියා, අපට කියන්න මොකක්ද ගන්න යන පියවර. මොකක්ද IMF සාකච්ඡාව ? කොහොමද මේ රටේ විශේෂයෙන්ම මේ විදේශ විනිමය පාලනය කරන්නෙ ? ස්ථාවරභාවයක් ඇතිකරන්නෙ ? මොකද 240ට ගිහින් ඒක පාලනය කරන් නැත්නම් අපි ඉවර වෙන්නෙ. ඒක කරන්න පුළුවන් IMF සංවිධානයට ගිහින්. වෙන එකක් තියෙනවා නම් කියන්න. 

අද මේකෙ තියෙන වැදගත්ම ප්‍රශ්නේ මේකයි. මේ රටේ. අද මිනිස්සු මේ පාර්ලිමේන්තුව දිහා බලන්නෙ අපට කිසිම උපදෙසක් දෙන්න බැරිවුණා කියලා. මේක විසඳන්න බැරිවුණා කියලා. ආණ්ඩු පක්ෂයේ වුණත් මේ පැත්තේ වුණත් ඒකයි කියන්නෙ. අගමැතිතුමා කියනවා චිත්‍ර ඇන්ද අය දැන් රට යන්න හදනවාය කියලා. ඇයි රට යන්නෙ ? ආණ්ඩුව කෙරෙහි විශ්වාසයක් නෑ, පාර්ලිමේන්තුවට වෙන ආණ්ඩුවක් දාන්න පුළුවන් කියලා විශ්වාසෙකුත් නෑ. අන්න ඒකයි රට යන්නෙ. අන්න ඒකයි අපට තියෙන ප්‍රශ්නෙ. දැන් ආර්ථික ප්‍රශ්නවලින් දේශපාලන පිපිරීමක් ඇතිවෙන්න පුළුවන්. අන්න එතෙන්ට තමයි අපි හිරවෙන්න යන්නෙ, අපි සියලු දෙනාම” 

රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසුවේ ඊයේ (23) දිනයේදී පාර්ලිමේන්තුව අමතමිනි. 

<iframe src=”https://www.facebook.com/plugins/video.php?href=https%3A%2F%2Fwww.facebook.com%2Fheadlinenewslk%2Fvideos%2F4567684133347154%2F&show_text=0&width=476″ width=”476″ height=”476″ style=”border:none;overflow:hidden” scrolling=”no” frameborder=”0″ allowfullscreen=”true” allow=”autoplay; clipboard-write; encrypted-media; picture-in-picture; web-share” allowFullScreen=”true”></iframe>Copy

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දශක 06කට පසු ප්‍රතිසංස්කරණය වන කොළඹ පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ..(1964 – 2025)

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 13 කොළඹ LNW : වසර 60කට පසුව...

ඇෆ්ගන් දේශසීමාවේ දරුණු ගැටුම්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 13, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මේ සතියේ ඇෆ්ගන්...

අසාධාරණයට ලක් ව ඇති ගුරු සංවර්ධන නිලධාරීන්ගේ අයිතිය වෙනුවෙන් පෙනී සිටිනවා – විපක්ෂ නායක

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 13 කොළඹ LNW : මේ වනවිට අසාධාරණයට...