බලය පෙන්වූ මහ බැංකු අධිපති …..

Date:

රටේ ව්‍යවස්ථාවට අනුව මහජන මුදල් සම්බන්ධයෙන් අවසාන බලය පාර්ලිමේන්තුව සතු වුවුද, රටේ මූල්‍ය ප්‍රතිපත්තියට අදාළව තීරණ ගැනීමට බලය පවරාදී ඇති එකම ආයතනය මහ බැංකුව බව එහි අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

ඇගලුම්කරුවන් කොළඹදී සංවිධාන කර තිබූ උත්සවයක් අමතමින් අධිපතිවරයා පැවසුවේ, අයවැය විවාදය අතරතුර සිදුවූ ඇතැම් ප්‍රකාශ දෙස බැලීමේදී පෙනීයන්නේ ඒවා මහබැංකුවේ භූමිකාව පිළිබඳ අඩු අවබෝධය නිසා සිදුකළ ප්‍රකාශ බවය.

වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා,

“ඔබ මේ දිනවල අයවැය විවාදයට සවන් දෙන විට මහ බැංකුවට චෝදනා එල්ල වෙනවා. මහ බැංකුව ආර්ථික සංකෝචනය කළ නිසා ජනතාව දුක් විඳිනවා කියලා. ශ්‍රී ලංකාවේ ජනතාවයි ව්‍යාපාරකරුවනුයි දෙපාර්ශවයම හිතනවා යම් දෙයක් ගැන සහනයක් අවශ්‍ය වූ සැනින් මහ බැංකුවට කතා කළ යුතුයි කියලා. ඒකට හේතුවක් තියෙනවා. මහ බැංකුවේ හිටපු ඇතැම් අධිපතිවරුන් හැමකෙනෙක්ම කතා කළා, මුල්‍ය ප්‍රතිපත්තිය ගැන නැතුව. මටයි මූල්‍ය ප්‍රතිපත්තිය භාරවී තිබෙන්නේ. ෆිස්කල් ප්‍රතිපත්තිවලට අදාළව වෙනත් අයෙකුට බලය පැවරී තියෙන දෙයකට අත දාන්න මම කැමති නෑ. ඒ වගේම මම කැමති නෑ, ස්වාධීන මහ බැංකුවක් විදියට ෆිස්කල් තීන්දු තීරණ ගන්න අය මුල්‍ය ප්‍රතිපත්තිය පාලනය කරනවාට.

නමුත් ,අනිවාර්යයෙන්ම සාර්ව ආර්ථික ස්ථාවරත්වය සඳහා මේ ප්‍රතිපත්ති දෙකේම සම්බන්ධීකරණයක් තිබිය යුතුයි. බදු පනවන්න, වියදම් පාලනය කරන්න අවසානයේ දී මේ මහජන මුදල්වල බලය තියෙන්නේ පාර්ලිමේන්තුවට. ඒ නිසයි මහජනතාව තෝරා යැවු අය අයවැය සම්මත කරනවා ඔබ දකින්නේ. මහජන මුදල් කියන්නේ බදු ගෙවන්නන්ගේ මුදල්. අනිත් එක සමස්ත රටක මූල්‍ය ප්‍රතිපත්තියයි. රටේ මූල්‍ය ප්‍රතිපත්තිය ගැන කතා කරද්දි මහ බැංකුවේ වගකීම රටේ පොලී අනුපාත තීරණය කිරීම. විදේශ විනිමය අනුපාතය මොකද්ද කියන එකත් එහෙමයි. රාජ්‍ය අංශයට පමණක් නෙමෙයි පෞද්ගලික අංශය ඇතුළු සියලුදෙනාට. ව්‍යවස්ථාවේ තියෙන දෙයක් නිසා පටලැවිල්ලක් නිර්මාණය කරගන්නවා. එක වගන්තියක කියනවා, මහජන මුදල්වල වගකීම පාර්ලිමේන්තුවටයි කියලා. සමහරු අර්ථකථානය කරනවා පාර්ලිමේන්තුවට සියලුම මුදල් සම්බන්ධයෙන් බලය තියෙනවා කියලා. නැහැ. පාර්ලිමේන්තුවට බලය තියෙන්නේ මහජන මුදල් සම්බන්ධයෙන් පමණයි. වෙන ප්‍රකාශ දැක්කම, මහ බැංකුවට අභියෝග කරනවා දැක්කම තේරෙන්නේ මහ බැංකුවේ භූමිකාව පිළිබඳ අඩු අවබෝධයක් තියෙන බවයි.”

ලෙස මහබැංකු අධිපතිතුමා දීර්ඝ ලෙස පැවසීය.

රෂිකා හෙන්නායක
2022.11.24

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ප්‍රකෝටිපති මස්ක් නව දේශපාලන පක්ෂයක් පිහිටුවන ලකුණු ?

සටහන: සශිකලා මධුෂාණිජුලි 01; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

බස් ගාස්තු සංශෝධනය වෙයි – නව ගාස්තු ජූලි 4 සිට ක්‍රියාත්මකයි!

කොළඹ LNW:එළැඹෙන ජූලි මස 04 වැනි දින සිට බස්...

RMV හිටපු ලොක්කෙක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට!

කොළඹ LNW:මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල්වරයෙකු වන...

විපක්ෂයේ බිල්ලන්ට සොරිම තමයි. කන්ටේනර් සිද්ධිය ගැන ජනාධිපතිතුමා තීරණයක් ගනී – බිමල්

කොළඹ LNW:ආන්දෝලනයට තුඩු දුන් බහාලුම් නිදහස් කිරීමේ සිද්ධියට අදාළව...