රගර් ක්‍රීඩකයෝ අද එක්සත් අරාබියට

Date:

නොවැම්බර් 26 වන දා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවත්වෙන ආසියානු සත් සාමාජික රගර් තරගාවලිය නියෝජනය කරන ශ්‍රී ලංකා කණ්ඩායම අද (නොවැම්බර් 24) ශ්‍රී ලංකාවෙන් පිටත්ව යාමට නියමිතයි.ශ්‍රීනාත් සූරියබණ්ඩාරගේ නායකත්වයෙන් යුත් මෙම කණ්ඩායමට ක්‍රීඩකයින් දොළොස් දෙනෙක් ඇතුළත් වෙනවා.
අද දහවල් කණ්ඩායම සඳහා ජාතික තේරීම් කමිටුවේ අනුමැතිය හිමිව තිබෙනවා.මෙම තරගාවලියට සහභාගී වීම සඳහා කාන්තා කණ්ඩායමට අනුග්‍රාහකත්වය දීමට ක්‍රීඩා අමාත්‍යංශ්‍ය එකඟතාවය පළ කර නැති බව දැන ගන්නට ලැබෙනවා.කොරියාවේ පැවති තරගයේදී කණ්ඩායම් නායිකාව අතුරුදහන් වීම නිසා මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් ක්‍රියාත්මක වන නමුත් අමාත්‍යංශ ආරංචි මාර්ගම පෙන්වා දෙන්නේ අනුග්‍රහය නොදීමට හේතුව මුදල් හිඟකම බවයි.
කෙසේ හෝ පිරිමි කණ්ඩායමේ ක්‍රීඩකයින් සඳහා රුපියල් ලක්ෂය බැඟින් පිරිනැමීමට අමාත්‍යංශය කටයුතු සූදානම් කළ බව කණ්ඩායම් ආරංචි මාර්ග පවසනවා.කොරියාවේ පැවති තරගාවලියේදී ශ්‍රී ලංකාව ඉහළ දස්කම් දක්වමින් සිව්වන ස්ථානයේ රැඳුණ අතර ඔවුන්ට පහසුවෙන් දෙවන හෝ තෙවන ස්ථානය අත් කර ගැනීමට තරම් දස්කම් තිබුණ බව එම තරගාවලියේදී දකින්නට ලැබුණා.
එම තරගාවලියෙන් පසුව පුහුණු සැසියක් මඟ හැරීම සම්බන්ධයෙන් යම් විනය චෝදනාවකට මෙහි ක්‍රීඩකයින් කිහිප දෙනෙක් තරගාවලියෙන් ඉවත් කිරීමේ තීරණයක් ගෙන තිබුණත් ක්‍රීඩා අමාත්‍යංශය මැදිහත්ව ක්‍රීඩකයන්ට මුදල් ද ගෙවා එම තත්ත්වය වැළක් වූ බව අමාත්‍යංශ ආරංචි මාර්ග ඔස්සේ වාර්තා වෙයි.
කෙසේ හෝ එළැඹෙන ආසියාතික ක්‍රීඩා උළෙලේ සත් සාමාජික රගර් තරගවල කුමන හෝ පදක්කමකට තරග කළ හැකි මට්ටමේ සිටින ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම රැක ගැනීම ක්‍රීඩාවට සම්බන්ධ සියලු බලධාරීන්ගේ යුතුකම වන අතර ක්‍රීඩකයින්ද ඒ සඳහා වන ඉලක්කයට කැපවීමෙන් දායකවීම ද වැදගත්ය.විනයානුකූලව කැපවීමෙන් අවශ්‍යය අරමුණ කරා යන්නට දක්ෂතා වර්ධනය කරගැනීම සඳහා ශ්‍රී ලංකා රගර් කණ්ඩායම වෙහෙස වී ක්‍රියා කළ යුතුය.



RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

උගන්ඩාවට ජයග්‍රහණ බර වැඩි කරන දුර

නිශ්මං රණසිංහ ජනවාරි 14, කොළඹ LNW: ඇමෙරිකාවේ ෆ්ලෝරිඩාවේ තලහසී නගරය...

LPL 2026 ක්‍රීඩක කෙටුම්පත් කිරිම මාර්තු 26 දා

නිශ්මං රණසිංහ ජනවාරි 14, කොළඹ LNW: එල්පීඑල් තරගාවලියේ හයවැන්න 2026...

රනිල් එක්ක ටිල්විනුත් ඇතුළට ?

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ජාතික...

පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ ඝාතන නඩුවේ තීන්දුව අද

සටහන - රුවන් නෙළුගොල්ල පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතාට සහ...