*
Friday, April 26, 2024
spot_img

Latest Posts

හිටපු මහ බැංකු අධිපතිට එරෙහිව කීර්ති තෙන්නකෝන් ගොනු කළ පැමිණිල්ල අද විභාගයට ගැ​නේ

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් එරෙහිව කීර්ති තෙන්නකෝන් ගොනු කළ පැමිණිල්ල විභාගයට ගැ​නේ

68647/4 දරණ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ කීර්ති තෙන්නකෝන් මහතා විසින් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට විරුද්ධව ගොනු කරන ලද පෞද්ගලික පැමිණිල්ල:

අද දින ඉහත කී පෞද්ගලික පැමිණිල්ල කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවනු ලැබූ අවස්ථාවේදී, හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාගේ නීතිඥ වන ජනාධිපති නීතිඥ සම්පත් මැන්දිස් මහතා විසින් මෙම පැමිණිල්ල පිළිබඳව මූලික විරෝධතා ගොනු කරනු ලැබුවා.

එහිදී ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නේ මෙම පැමිණිල්ලට සමාන පැමිණිල්ලක් 2021 සැප්තැම්බර් මාසයේදී මෙම පැමිණිලිකරු වන කීර්ති තෙන්නකෝන් මහතා විසින්ම කබ්රාල් මහතාට විරුද්ධව අභියාචනාධිකරණයේදී පැමිණිල්ලක් ගොනු කරන ලද බව ය. තවද, එම පැමිණිල්ල සලකා බලා, 2021 නොවැම්බර් මාසේදීම අභියාචනාධිකරණය විසින් එම පැමිණිල්ල නිෂ්ප්‍රභා කරන ලද බවද, එම මූලික විරෝධතාවයෙන් පෙන්වා දෙන ලදී. එහෙත්, පැමිණිලිකරු එම කරුණ මහේස්ත්‍රාත් අධිකරනයෙන් වසන් කරමින්, නැවත වරක් තවත් පැමිණිල්ලක් කබ්රාල් මහතාට විරුද්ධව ගොනු කරන ලද බව ජනාධිපති නීතිඥ සම්පත් මැන්දිස් මහතා පෙන්වා දෙන ලදී. ඒ අනුව, එම වසන් කිරීමේ ක්‍රියාව නීති විරෝධී වන අතර එය නීති පද්ධතියේ මූලික පදනමක් වන “උබේරිමා ෆීඩේ” (uberima fide) යන ආචාරධර්මට සම්පූර්ණයෙන් පටහැනි බවත් සම්පත් මැන්දිස් ජනාධිපති නීතිඥතුමා පෙන්වා දුන්නේය. ඔහු තවදුරටත් කියා සිටියේ යම් පුද්ගලයෙකු පැමිණිල්ලක් කරන්නේ නම්, එම පැමිණිල්ල කරද්දී පිරිසිදු දෑත්වලින් එය කළ යුතු බවද, එසේ නොකරන්නේ නම් එම පැමිණිල්ල විභාගයකින් තොරව ඉවත දා යුතු බවත්ය.

මේ මූලික විරෝධතාවයට පිළිතුරු ලබාදීමට පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මෛත්‍රි ගුණරත්න මහතා කියා සිටියේ තමාගේ සේවාදායකයා වන කීර්ති තෙන්නකෝන් මහතා ඊට පිළිතුරක් ලබාදීමට බලාපොරොත්තු වන බවය.

ඒ අනුව, පැමිණිලිකරුට 2022 දෙසැම්බර් 15ස් වැනි දින එම පිළිතුර ලබා දෙන ලෙස, ගරු මහේස්ත්‍රාත් හර්ෂණ කැකුනවල මහතා නියෝග කළේය.

ඒ අතරම, කබ්රාල් මහතාට මීට පෙර පනවා තිබූ විදේශ ගමන් තහනම පිළිබඳව කබ්රාල් මහතාගේ නීතිඥ සම්පත් මැන්දිස් ජනාධිපති නීතිඥවරයා කිසිදු ඉල්ලීමක් නො කරන ලද අතර, එම තහනම 2022 දෙසැම්බර් 15 වැනිදා තෙක් දීර්ඝ කිරීමටද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan