දේශීය ණය ගෙවීම් පිළිබඳව උපකල්පනයක් – හර්ෂ ද සිල්වා

Date:

දේශීය ණය ගෙවීම් පිළිබඳව ගැටලුවක් මතු වී ඇති බව පවසන හර්ෂ ද සිල්වා මහතා , ජාත්‍යන්තරය සහ දේශය අතර විශ්වාසය ගොඩනැගීමට පූර්ණ වගකීම ඇත්තේද පාර්ලිමේන්තුව සහ රටේ සියලුම ජනතාව අත බවයි.

දැනට උපකල්පනය කර ඇත්තේ , 2023.07.31 දක්වා විදේශ ණය suspend කර ඇති බැවින් , ජූලි මස සිට දෙසැම්බර් 31 දක්වා ජාත්‍යන්තර ණය ගණුදෙනුකරුවන් බලාපොරොත්තු වන්නේ විදේශ ණය ප්‍රමාණයෙන් 50%ක් ගෙවීම පමණක් බවත් ඉතිරි 50% කපා හැරීමට උපකල්පනය කර ඇති බවත් හර්ෂ ද සිල්වා මහතා පවසයි .

අනෙක් ප්‍රශ්නය වන්නේ අපට ඇති ලොකු ම වියදම දේශීය පොලිය බවත් , එම දේශීය පොලිය ඉතාමත් ඉහළ බැවින් , දැනට ක්‍රියාත්මක වන්නේ කෙටිකාලීන මාස තුනේ ණය බවත්, එයටත් දැනට 33% ක පොලියක් ගෙවන බවත්, එම හේතුව නිසා මෙය කෙතරම් දුරකට ඉදිරියක් දක්වා සාර්ථක කරගෙන යාමට හැකිවේ දැයි ප්‍රශ්නයක් මතුව තිබෙන බව හර්ෂ ද සිල්වා මහතා පවසයි.

එනිසා ආර්ථිකය ඉදිරියට ගමන් කිරීම පිළිබඳ ගැටලු මතු වී ඇත්තේ පොලී අනුපාතය ඉතාමත්ම වැඩි නිසා යැයි එතුමා වැඩිදුරටත් පවසයි . පොළී අනුපාත අඩු කර ගැනීමට නම් කළ හැකි එක් ක්‍රමයක් ලෙස දේශීය ණය පිළිබඳව සිතීමට සිදු වන බව කී ඒ මහතා, ඒ පිළිබඳව විසඳුමක් පැවසීමට නොහැකි නමුත් , කමිටුවේ වගකීමක් ලෙස ඒ පිළිබඳ සභාව දැනුවත් කිරීම ඔවුන්ගේ යුතුකමක් බවයි,

එබැවින් රජයේ පිළිබඳ දැඩි ව ක්‍රියාත්මක විය යුතු බව ද එතුමා වැඩිදුරටත් පවසයි.

රෂිකා හෙන්නායක
2022.11.24

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෝක කුසලානය රට වටා යන ගමනට ජනපති ආරම්භක සංඥාව දෙයි..

නිශ්මං රණසිංහ ජනවාරි 21, කොළඹ LNW: ඉන්දියාව සහ ශ්‍රී ලංකාව...

ට්‍රම්ප් ප්‍රංශ වයින් සහ ෂැම්පේන් සඳහා 200% තීරුබදු පැනවීමට සැරසේ

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

හබරාදුව ප්‍රාදේශීය සභාවේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වෙයි!

රෂිකා හෙන්නායක ජනවාරි 21, කොළඹ LNW : හබරාදුව ප්‍රාදේශීය සභාවේ...

නන්දන ඔබට සුභ ගමන්.

නන්දන ගුණතිලක සහෝදරයා ජාතියට සමුදෙමින් අවසන් ගමන් ගියා.නන්දන මිය...