දේශීය ණය ගෙවීම් පිළිබඳව උපකල්පනයක් – හර්ෂ ද සිල්වා

Date:

දේශීය ණය ගෙවීම් පිළිබඳව ගැටලුවක් මතු වී ඇති බව පවසන හර්ෂ ද සිල්වා මහතා , ජාත්‍යන්තරය සහ දේශය අතර විශ්වාසය ගොඩනැගීමට පූර්ණ වගකීම ඇත්තේද පාර්ලිමේන්තුව සහ රටේ සියලුම ජනතාව අත බවයි.

දැනට උපකල්පනය කර ඇත්තේ , 2023.07.31 දක්වා විදේශ ණය suspend කර ඇති බැවින් , ජූලි මස සිට දෙසැම්බර් 31 දක්වා ජාත්‍යන්තර ණය ගණුදෙනුකරුවන් බලාපොරොත්තු වන්නේ විදේශ ණය ප්‍රමාණයෙන් 50%ක් ගෙවීම පමණක් බවත් ඉතිරි 50% කපා හැරීමට උපකල්පනය කර ඇති බවත් හර්ෂ ද සිල්වා මහතා පවසයි .

අනෙක් ප්‍රශ්නය වන්නේ අපට ඇති ලොකු ම වියදම දේශීය පොලිය බවත් , එම දේශීය පොලිය ඉතාමත් ඉහළ බැවින් , දැනට ක්‍රියාත්මක වන්නේ කෙටිකාලීන මාස තුනේ ණය බවත්, එයටත් දැනට 33% ක පොලියක් ගෙවන බවත්, එම හේතුව නිසා මෙය කෙතරම් දුරකට ඉදිරියක් දක්වා සාර්ථක කරගෙන යාමට හැකිවේ දැයි ප්‍රශ්නයක් මතුව තිබෙන බව හර්ෂ ද සිල්වා මහතා පවසයි.

එනිසා ආර්ථිකය ඉදිරියට ගමන් කිරීම පිළිබඳ ගැටලු මතු වී ඇත්තේ පොලී අනුපාතය ඉතාමත්ම වැඩි නිසා යැයි එතුමා වැඩිදුරටත් පවසයි . පොළී අනුපාත අඩු කර ගැනීමට නම් කළ හැකි එක් ක්‍රමයක් ලෙස දේශීය ණය පිළිබඳව සිතීමට සිදු වන බව කී ඒ මහතා, ඒ පිළිබඳව විසඳුමක් පැවසීමට නොහැකි නමුත් , කමිටුවේ වගකීමක් ලෙස ඒ පිළිබඳ සභාව දැනුවත් කිරීම ඔවුන්ගේ යුතුකමක් බවයි,

එබැවින් රජයේ පිළිබඳ දැඩි ව ක්‍රියාත්මක විය යුතු බව ද එතුමා වැඩිදුරටත් පවසයි.

රෂිකා හෙන්නායක
2022.11.24

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

අරගලය ගැන හොයන්න නාමල්ගෙන් කොමිසමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සිය පාලනයක් යටතේ අරගලය සම්බන්ධයෙන් හා ඊට...