ටෙලිකොම් සේවකයින් අද වැඩවර්ජනයක!

Date:

කොළඹLNW:අද (24) ශ්‍රී ලංකා ටෙලිකොම් සේඅකයින් සංකේත වැඩවර්ජනයක් ක්‍රියාත්මක කර තිබේ.

ඒ,ශ්‍රී ලංකා ටෙලිකොම් විකුණා දැමීමේ කුමන්ත්‍රණයට සහ සේවක අයිතිවාසිකම් කප්පාදුවට එරෙහිවයි.

වෘත්තීය සමිති 13ක් එක්ව ටෙලිකොම් වෘත්තීය සමිති පෙරමුණ ලෙස සංවිධාන ගතව මෙම විරෝධය දක්වන බවයි වාර්තා වන්නේ.

මෙම සංකේත වැඩ වර්ජනයට ටෙලිකොම් කාර්යාල වන HQ, OTS, CTO, GM Offices, DGM Offices, OPMC Offices, RTOM Offices, Teleshops, Call Centers, Training Centers ආදී සෑම ස්ථානයකම සියළුම සේවකයින් එක්ව සිටියි.

සියලු සේවකයින් පැමිණීම පිටවීම සටහන් නොකර මෙම සංකේත වැඩ වර්ජනයට එක්වීමට නියමිත අතර වැඩ වර්ජනයට එක්වෙන ටෙලිකොම් සේවක පිරිස් අද පෙ.ව. 9.00ට කොළඹ කොටුව ලෝටස් පාරේ ටෙලිකොම් මූලස්ථානය ඉදිරියට එකතු වීමටද නියමිතයි.

ශ්‍රී ලංකා ටෙලිකොම් පාඩු නොලබන ආයතනයක් ලෙස එය විකුණා දැමීමේ කිසිදු අවශ්‍යතාවක් නොමැති බවත් ආර්ථිකය දුෂ්කර අවස්ථාවක ජාතික ධනය උපයන ශ්‍රී ලංකා ටෙලිකොම් වැනි ආයතන රැකගත යුතුවන බවයි ටෙලිකොම් සේවකයින් අවධාරණය කරන්නේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2028 දී ඉන්නෙත් අපි. බයවෙන්න එපා අපි ණය ගෙවනවා!

කොළඹ LNW: 2028 වසරේදී බලයේ සිටින්නේත් ජාතික ජන බලවේගයේ...

කැරම්බෝඩ් නඩුවේ ඇප අයැදුම් පත්‍ර කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය ප්‍රතික්ෂේප කරයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 07, කොළඹ LNW : හිටපු අමාත්‍යවරුන් වන...

නාමල්ගේ සැකය!

රෂිකා හෙන්නායක නොවැම්බර් 07, කොළඹ LNW : පක්ෂ පාට භේදයෙන්...

Colombo City Holdings’ සමඟ එක්වූ නෙලක හතුරුසිංහ!

රෂිකා හෙන්නායක නොවැම්බර් 07, කොළඹ LNW : කලම්බු සිටි හෝල්ඩින්ග්ස්...