*
Sunday, September 8, 2024
spot_img

Latest Posts

පනතකින් ස්වාධීන ආයතනයක් කරනවා මිස විපක්ෂ දේශපාලඥයන්ගේ දුරකථන ටැප් කරන බුද්ධි අංශයක් අවශ්‍ය නෑ – චම්පික

කොළඹ:LNW:රටේ බුද්ධි අංශය ස්වාධීන ආයතනයක් බවට පනතකින් පත් කළ යුතු අතර එසේ නොමැතිව විපක්ෂ දේශපාලඥයන්ගේ දුරකථන ටැප් කරන බුද්ධි අංශයක් අවශ්‍ය නොමැති බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

ආරක්ෂක අමාත්‍යංශයේ අනාගතය පිළිබඳ විධිමත් උපාය මාර්ගයක් පෙනෙන්නට නොමැති බවයි රණවක මහතා සඳහන් කරන්නේ.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ. ඊයේ (23) පාර්ලිමේන්තුවේදී ආරක්ෂක අමාත්‍යාංශයේ වැය ශීර්ෂයේ විවාදයට එක්වෙමිනි.

වසර තුනක යුද ජයග්‍රහණය පිළිබඳව අසීමාන්තිකව ආඩම්බර වෙන නමුත් 27 වසරක කාලයක් අත්වූ පරාජයන් ගැන මතක තබා ගත යුතු වන බවයි ඔහු කියාසිටින්නේ.

”පරාජයන්, පාවාදීම් ඒ වගේම භයානක හැලහැප්පීම්, විදේශීය මැදිහත්වීම් මෙවැනි දෑ බොහොමයක් සිද්ධ වුණා. රටේ සේනා නායකයාම මහ බැංකුවේ මුදල් ත්‍රස්තවාදීන්ට ලබා දුන්නා. අවි ආයුධ ලබා දුන්නා. යටත් වෙන ලෙස නියෝග ලබා දුන්නා. ඡන්ද දිනීම සඳහා ත්‍රස්තවාදීන්ගේ සහය ලබා ගත්තා. මේ ඔක්කොම රටේ ඉතිහාසයේ තිබෙන දේවල්. අපි මේ ජයග්‍රහණය ලබා ගත්තට පස්සේ තිබිච්ච ප්‍රධානම කරුණු දෙකක් තිබුණා. එකක් තමයි මේ යුද ක්‍රියාවලියේ වසර 30 කාලය තුළ අපට ඇතිවෙච්ච ගැටළු මොනවද කියලා හඳුනාගෙන අපගේ ආරක්ෂක අංශ ඒ සඳහා වන උපාය මාර්ග සකස් කරගත යුතුයි. ඒ වගේම සෑම යුද්ධයකම අවසාන ජයග්‍රහණය තිබෙන්නේ දේශපාලන ජයග්‍රහණයක් ලබා ගැනීම තුළයි. අපේ ඒ අවියෙන් ලබාගත් ජයග්‍රහණය දේශපාලන ජයග්‍රහණයක් කරා ගෙනියන්න අසමත් වෙලා තිබෙන බව අපට මේ වසර 15 කාලය තුළ පෙනී යනවා. අපේ ඒ අවස්ථාවේ උපායමාර්ගය වුණේ කිසිම ආකාරයක කොන්දේසියකින් තොරව කුමාරන් පද්මනාදන්ගේ සිට කොටි සංවිධානයේ නායකයින්, නිදහස් කර හැරියාම මේ ප්‍රශ්නය මෙතනින් අවසන් කියන මතය. ඔවුන් හරහා යම් දේශපාලන වාසියක් කොහොමද ලබාගන්නේ කියන පටු දේශපාලන අරමුණ තුළයි ක්‍රියා කළේ. ඒ වෙනුවට විධිමත් දේශපාලන වැඩපිළිවෙළක් අන්තර්ජාතික ප්‍රජාවටත් ගැළපෙන විදිහේ වැඩපිළිවෙළක් දියත් කරන්නට තරම් බුද්ධිමත් වුණේ නෑ. එහි ප්‍රතිඵල හැටියට අද මේ ආරක්ෂක අංශ එක්තරා ආකාරයකට රටේ ආර්ථිකයට බරක් වෙලා. අපේ ගැටලුව අන්තර්ජාතික තලයේ තාමත් විසඳාගන්න අපට නොහැකි වී තිබෙනවා. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම ඇතුළු ස්ථානවල. ක්ලවුසිස්ගේ යුද උපාය මාර්ගයේ බටහිර ලෝකයේ යුද්ධය විද්‍යාවක්. ආසියාවේ යුද්ධය කලාවක්.

අපි දන්නවා සුන්සේගේ යුද කලාව කොහොමද යුද්ධය වෙනස් කළේ කියලා. හැබැයි ලංකාවේ යුද්ධය ජාවාරමක් කියලා ඒ කාලේ බොහොම ප්‍රචලිත කාරණයක්. දහස් ගණන් අපේ සෙබළුන්, සිවිල් වැසියන් සටන් කරුවන් උතුරේත්, දකුණේත්, LTTE සංවිධානයේ, ජනතා විමුක්ති පෙරමුණෙත් මිය යද්දී, මේක තවත් එක ජාවාරමක් හැටියට ඉදිරියට ගෙන යාමටයි ඇතැමුන් කල්පනා කළේ. මේ ඇතිවෙච්ච උතුරේ හා දකුණේ ගැටුම් නිසා ලක්ෂයකට අධික පිරිසක් මිය ගිහින්, මිලියන ගාණක් මේ රටින් පිටමන් වෙලා ගිහින්, ඩොලර් බිලියන 200 කට අධික හානියක් අපේ රටේ ආර්ථිකයට ඇති වෙලා තිබෙනවා. මේ සියලු තත්ත්වයන් එක්ක විධිමත් අධ්‍යනයකින් තොරව යුද ජයග්‍රහණයට ආඩම්බර වෙලා ගමන් කිරීමේ ප්‍රතිඵලය රට බංකොලොත් වීමෙන් අද අපිට පෙනිලා තිබෙනවා. අපි බොහොම පරිස්සම් විය යුතුයි. බංකොලොත් රටක නැවත වතාවක් අන්තවාදීන්ගේ හිස ඔසවීම් අනිවාර්යයෙන්ම ඇතිවිය හැකියි. ඒ තත්වයන් මැඩ පවත්වා ගන්න නම් අනිවාර්යයෙන්ම අපගේ ආරක්ෂක අංශ නවීකරණය විය යුතුයි. එය ආරම්භ විය යුත්තේ, අපගේ බුද්ධි අංශ වලින්. අද මේ රටේයුද හමුදා බුද්ධි අංශයට, රජයේ බුද්ධි අංශය වෙච්ච SIS ආයතනයට බරපතළ දේශපාලන චෝදනා ජාතික හා ජාත්‍යන්තර වශයෙන් එල්ල වෙලා තිබෙනවා. මේ බුද්ධි අංශ පාවිච්චි කරන්න ඕනේ විපක්ෂයේ පුද්ගලයින්ගේ දුරකථන සංවාද රෙකෝඩ් කරන්න, ඒ අයගේ දේශපාලන ක්‍රියාකාරිත්වය සොයා බලන්න, අනාගත දේශපාලනය සඳහා බලයේ ඉන්න පක්ෂය වැඩිදියුණු කරන්න හෝ බලය නැති පක්ෂයක් මෙතන්ට ගෙන එන විදිහේ රහසිගත සැලසුමක කොටසක් හැටියට නෙවෙයි. අපි මේ රටේ බුද්ධි අංශ ස්වාධීන ආයතනයක් බවට පනතකින් පත් කළ යුතුයි. මේ රටේ බුද්ධි අංශවල කාර්යභාරය වෙන්න ඕනේ ගෝලීය තත්ත්වයන් ගැන කල්පනා කරලා බලලා ඒ අවස්ථාවේදී මොකක්ද විචාරක්ෂයෙන් රජයට දෙන්න ඕන උපදේශය කියලා කල්පනා කරලා බලන්න. යුක්රේන රුසියා යුද්ධයක් තියෙනවා. ඒ යුද්ධය නිසා අපට එන බලපෑම් පිළිබඳව හා ඇතිවෙලා තියෙන ආර්ථික කාරණා පිළිබඳව, ඉන්ධන හා බලශක්ති ක්ෂේත්‍රයට ඇතිවෙලා තියෙන බලපෑම් පිළිබඳව කල්පනා කරලා උපදෙස් දෙන ක්‍රියාවලියක් අපටඅවශ්‍යයි බුද්ධි අංශයකින්. අද බටහිර ආසියාවේ විශේෂයෙන්ම පලස්තීනයේ ඇතිවෙන ගැටුම ඊළඟට කොහාටද ගමන් කරන්නේ ඒවා කොහොමද අපිට බලපාන්නේ කියන කාරණය අපිට අවශ්‍යයි. දකුණු චීනයේ මුහුදේ ගැටුමක් ඇතිවුනොත් කොහොමද ලංකාවට ඒක බලපාන්නේ කියන ප්‍රශ්නය අපිට අවශ්‍යයි. අද ලෝක බලවතුන්ගේ ප්‍රධාන භූමිය බවට ඉන්දීය සාගරය පත්වෙලා තිබෙනවා. එක්සත් ජනපදයත්, චීනයත් අපේ අල්ලපු රට ඉන්දියාවත් අතර දැවැන්ත බල අරගලයකට පැමිණිලා තිබෙනවා. එක පැත්තකින් කොට් සංවිධානය එක්සත් ජනපදය, ඉන්දියාව, ජපානය, සහ ඔස්ට්‍රේලියාව අතර ගොඩනැගිලා තියෙනවා. අනිත් පැත්තෙන් චීනය, රුසියාව, ඉරානය ඇතුළු රටවල් තවත් සන්ධානයක ගමන් කරනවා. ඉතින් මේවායින් අපට ඇතිවන ප්‍රතිඵල කුමක්ද? මේවා තීරණය කිරීම හුදු දේශපාලකයින්ට පමණක් පුලුවන්ද? මේවා පිළිබඳව අපට උපදෙස් ලබා දෙන්නේ කොහොමද? මෙන්න මේවා ගැන කල්පනා කරලා උපදෙස් දෙන බුද්ධි අංශයක් මිසක් දේශපාලන ගුන්ඩු දෙන බුද්ධි අංශයක් නෙවෙයි අද අපිට ඕනේ. අපිට යුද්ධයේ අවශ්‍යතාවත් සමඟ ලක්ෂ 3 දක්වා විශාල වුණා අපේ යුද හමුදාව. ලෝකයේ 16 වෙනි විශාලතම හමුදාව. අපට පසුපසින් තමයි ප්‍රංශය, මහා බ්‍රිතාන්‍යයත් ඉන්නේ. ඒ වගේම ඇමරිකා එක්සත් ජනපදයේ පෙන්ටගනයෙන් හරි අඩක් විශාල හමුදා මූලස්ථානයක් අපි ගොඩනගලා තියෙනවා. එදා අපිට මට මතකයි ඒ කැබිනට් පත්‍රිකාවේ තිබුනේ හමුදා මූලස්ථානයට රුපියල් බිලියන 8 ක් ලැබෙනවා ෂැන්ග්‍රිලා එකෙන් කියලා. ඒ බිලියන 8 පාවිච්චි කරලා හමුදා මූලස්ථානයක් ගොඩනගනවා කියලා තමයි කිව්වේ. අද ගිහින් තියෙනවා බිලියන 80 ක්. ඒ වගේ 10 ගුණයක්. මේ රටේ සියලුම රජයේ කාර්යාල, මේකෙන් භාගයක් වියදම් කරලා මේ ප්‍රදේශයට, ඒ කියන්නේ මේ පාර්ලිමේන්තුව සහිත පරිපාලන නගරයට ගෙන එන්න තිබුණා. අති විශාල ධනයක් අද ඒක නඩත්තු කරන්නත් යනවා. මේක අපේ රටේ බංකොලොත් භාවයේ ස්වරූපයේ ස්වභාවය අපිට පෙන්වන ලක්ෂණයක්.

මේ රට ආරක්ෂක අතින් ස්ථාවර වුණාට පස්සේ 2009 තමයි ස්වර්ණමය අවස්ථාව ලංකාවට ලැබුණේ ලංකාව ආර්ථික අතින් මහා ඉදිරි පිම්ම පනින්න. ඒ මහා ඉදිරි පිම්ම පනින්න ලබා දීපු ජීවිත පරිත්‍යාගයන් වෙනුවට රට ජාතික මංකොල්ලයකට රට ජාතික මංකොල්ලයකට යොදා ගැනීමේ ප්‍රතිඵලයක් හැටියට තමයි අද අවුරුදු 14 පස්සේ රට බංකොලොත් වෙලා තිබෙන්නේ. මන් දන්නෑ ඇත්ත බොරුද කියලා 20,000 ක් සෙබළු මේ වෙනකොට හමුදාව දාලා ගිහිල්ලා කියලා වාර්තා වෙනවා. මේ ආකාරයට රටේ හමුදාවෙන් ඉවත්වෙලා යාම අතිශය භයානක අනතුරුදායක තත්වයක්. විශේෂයෙන්ම, පාතාල ලෝකයක් සංවිධානාත්මකව ක්‍රියාත්මක වෙන මොහොතක, ඉතාම දුර්වල පොලිස් සේවයක් පවතින මොහොතක, ඉතාම දූෂිත පොලිස් සේවයක් පවතින තත්වයක් තුල, මේක ඉතාම භයානක තත්වයක්. අපේ රටේ ආරක්ෂක හමුදා වල ප්‍රමාණය අඩු කරන්න ඕනේ නම් අඩු කරන්න ඕනේ විද්‍යානුකුලව. කොයි ක්ෂේත්‍ර වලින්ද අඩු කරන්න ඕනේ? කඳවුරු මේ හැම අස්සක් මුල්ලක් නෑරම පවත්වා ගත යුතුද? මේ තත්වය අපි කෙසේද අනාගතයට ගෙනියන්නේ?”

අනාගත ගැටුමක් පැමිණෙන්නේ නම් එය පැමිණෙන්නේ නවීන තාක්ෂණත් සමඟ වන අතර ඒ නිසා ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාව සුහුරු හමුදාවක් බවට පරිවර්තනය කළ යුතු වන බවද රණවක මහතා පවසයි.

ලංකාවට අද උරුම වෙලා තියෙන 23 ගුණයක සාගර සීමාවක් ජාත්‍යන්තරයට අයිති වෙන්න නියමිතයි. ඒ ගැන කල්පනා කරලා බලලා, ශක්තිමත් නාවුක හමුදාවක් අපිට අවශ්‍යයි. මේ තත්වයන් වලට ඔරොත්තු දෙන, නූතන ගුවන් හමුදාවක් අපිට අවශ්‍යයි. ඒ සියල්ලට ඉහළින් අපිට අවශ්‍යයි බුද්ධි අංශයක් රටට නියම තොරතුරු ලබා දෙන්න. මෙන්න මෙවැනි උපාය මාර්ගයක් පිළිබඳව ඒ පිළිබඳ විශේෂඥයෝ කල්පනා කරලා බලලා ඒ අනුව කටයුතු කරන්න. ඇමරිකා එක්සත් ජනපදයේ දෙවැනි ලෝක සංග්‍රාමය මෙහෙයවපු අයිසන් හවර් හමුදාව 10ය 1ට අඩු කරද්දි කොහොමද ඒ යුද්ධයට ගිය පිරිස් ඇමරිකාවේ ඊලග ආර්ථික පිම්මට යොදා ගන්නේ කියලා යොදා ගත්තා. මාවෝ සේතු විශාලතම ලෝකය රතු හමුදාවක් හදලා විප්ලවය ජය ගත්තට පස්සේ කොහොමද ඒ හමුදාවන් චීනයේ ඉදිරි ගමනට යොදා ගන්නේ කියන එක පිළිබඳව විධිමත් වැඩපිළිවෙලක දස අවුරුදු වැඩපිළිවෙලක ගමන් කළා. ඒ වගේ අපිටත් මේ පිළිබඳ නිශ්චිත වැඩසටහනක් අවශ්‍යයි. අද මේ රටට නිත්‍යානුකුල පොලිස්පතිවරයෙක් නෑ. ඒ නිසා ජනාධිපතිතුමත්, ඒ වගේම ව්‍යවස්ථාදායක සභාවත් කඹ ඇදීමකින් තොරව, මේ රටට අධිකරණ ප්‍රශ්න නැති, වැදගත් පොලිසියේ නිලධාරීන් ගණනාවක් ඉන්නවා. ඒ නිලධාරීන් පත්කරගෙන, මේ රටේ පොලිස් සේවය නිවැරදි, නිත්‍යානුකුල දිශාවකට ගෙන යන්නෙයි කියන ඉල්ලීමත් කරනවා.” යනුවෙන් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan