බහරේන් සූරතාවේ අවසන් යුගල අට අතරට ශ්‍රී ලංකා යුගල දෙකක්

Date:

සටහන – නිශ්මං රණසිංහ

කොළඹ (LNW): බහරේනයේ පැවත්වෙන් ජාත්‍යන්තර බැඩ්මින්ටන් සූරතාවලියේදී පිරිමි යුගල අංශයෙන් අවසන් අටදෙනා අතරට ශ්‍රී ලංකාවේ යුගල දෙකක්ම සුදුසුකම් ලබා ගැනීමට සමත් විය.මධුක දුලාංජන සහ ලහිරු වීරසිංහ විසින් ලකුණු 18 – 21,21 – 18 සහ 21 – 09 ක් ලෙස ඉන්දියාවේ විමල්රාජ් ආනන්දදුරෙයි සහ නවීන් ප්‍රසාන්ත් පරාජය කරමින් ද,ඔෂාමික කරුණාරත්න සහ තුලිත් පල්ලියගුරුගේ විසින් ලකුණු 21 – 14,20 – 22 සහ 22 – 20 ලෙස සිරියාවේ අල්ජලාද් අහමඩ් සහ බහරේනයේ අද්නාන් ඒබ්‍රහීම් යුගලය පරාජය කරමින් ද අර්ධ අවසන් පූර්ව වටයට පිවිසීමට සමත් වූහ.


පිරිමි කේවල අංශයෙන් අවස්න 16 අතරට පිවිසීමට සමත් වූ එකම ලාංකේය ක්‍රීඩකයා වූ දුමිඳු අබේවික්‍රමට ඉන් ඉදිරියට යාම වළක්වන ලද්දේ ඉන්දියාවේ රිත්වික් සන්ජිවී විසිනි.ඔහු දුමිදුට එරෙහිව ලකුණු 21 – 5 ක් සහ 21 – 18 ක් ලෙස එම තරගය ජය ගන්නට සමත් විය.
විරෙන් නෙත්තසිංහ සහ බුවනෙක ගුණතිලක සහභාගි වූ යුගල තරගයේදී ඔවුන්ගේ ඉදිරි ගමණට හරස් වූයේ ද ඉන්දියානු යුගලයකි.ඒ ක්‍රිෂ්න ප්‍රසාද් සහ සායි ප්‍රතීක් ය.ඔව්හූ විරෙන්ට සහ බුවනෙකට එරෙහි තරගය ලකුණු 21 – 15 සහ 21 – 18 ක් ලෙස ජය ගත්හ.


අද දවසේදී ශ්‍රී ලංකාවේ මධුක සහ ලහිරු අර්ධ අවසන් පූර්ව වටයේදී හමුවීමට නියිමත්ව ඇත්තේ කායිලන්තය නියෝජනය කරන සිරවිත් සොතෝන් සහ නත්තපාට් ට්‍රින්කජී ය.බුවනෙක සහ විරෙන් පරාජය කරමින් ඉදිරියට පැමිණි ක්‍රිෂ්න ප්‍රසාද් සහ සායි ප්‍රනීත් අද ශ්‍රී ලංකාවේ ඔෂාමික සහ තුලිත් මුණ ගැසීමට නියමිතය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විරාන්ගේ විශිෂ්ට ඉණිමක් සමඟ ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්,එහෙත් අවසාන පූර්ව තරගය අවිනිශ්චිතයි

නිශ්මං රණසිංහ ජනවාරි 30, කොළඹ LNW: සිම්බාබ්වේ සහ නැමීබියාව කේන්ද්‍ර...

IMF ප්‍රධානී ක්‍රිස්ටලිනා ලබන මාසයේදී ශ්‍රී ලංකාවට

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකර අධ්‍යක්ෂ ක්‍රිස්ටලිනා...

යුරෝපා සංගමය විසින් ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය (IRGC) ත්‍රස්තවාදී කණ්ඩායමක් ලෙස අසාදුලේඛන ගත කරයි

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 30: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපා සංගමය විසින්...

කැස්බෑව ආසනය පිං පොංට දුන්නේ නෑ – පොහොට්ටු සංවිධායක කියයි

රංගන ශිල්පි රජිත හිරාන් (පිං පොං) ශ්‍රී ලංකා පොදුජන...