නිධන් හෑරුවේ නෑ. ඒක කැණීම් අංශයෙන් කරපු රාජ්‍ය කටයුත්තක් – ඇමති සුනිල් සෙනවි

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ කිසිදු ආකාරයකින් නිධන් හෑරීමේ කටයුත්තක් සිදු නොකළ බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය හිනිදුම සුනිල් සෙනවි මහතා පවසයි.

“එතන කිසිදු ආකාරයක නිධානයක් ගැනීමක් වැනි කටයුත්තක් නෙවෙයි තිබෙන්නෙ. පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්තුමා ඒක පැහැදිලිව කියනවා එතන කිසිදු පුරාවස්තුවක් නොමැති බව. ඒ නිසා එතන කැණීම් අංශයෙන් කරන රාජ්‍ය කටයුත්තක්. පැතිරෙන තොරතුරු එක්ක බොහොම ඉක්මනින් තීරණ ගන්නෙ නැතිව විද්‍යාත්මකව වගේම රාජ්‍ය මැදිහත්වීමෙන් කරන පැහැදිලි කිරීම් පිළිඅරගෙන කටයුතු කරන එකයි හොඳ වෙන්නෙ”

අදාළ ස්ථානයේ කැණීම් කටයුතු පෙරේදා (නොවැම්බර් 23) පස්වරුවේ අවසන් කෙරුණු අතර කළුගල් ගොඩක් විනා වෙනත් කිසිදු යමක් එයින් හමුවී තිබුණේ නැත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහනුවර පදික වේදිකාවල වෙළඳාමට නැවත කිසිසේත් අවසර දෙන්නේ නෑ – නගරාධිපති

ලෝක උරුම සංචාරක නගරයක් මෙන්ම පූජනීය නගරයක් වන මහනුවර...

මන්නාරම Hayleys Fentons සුළං විදුලි බලාගාරයේ ඉදිකිරීම් ජනපති අනුරගේ ප්‍රධානත්වයෙන් ඇරඹේ !

වසර 2050 වන විට ශුද්ධ ශුන්‍ය කාබන් විමෝචන ඉලක්කය...

ඉරානය සිය ගුවන් අවකාශය වසා දමයි

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 15: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ රාජාණ්ඩුවට එරෙහි...

දිට්වා ආපදාවෙන් 93%කට ජීවනෝපායට දැඩි බලපෑම්!

කොළඹ LNW:ආපදාවට ලක්වූ ප්‍රදේශවල 93%ක ජනතාව සිය ජීවනෝපායන්ට බලපෑම්...