හිස්බුල්ලා සංවිධානය ඊශ්‍රයල අගනුවරට දැවැන්ත ප්‍රහාරයක් දියත් කරයි

Date:

සටහන: සශිකලා මධුෂාණි
නොවැම්බර් 25; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : හිස්බුල්ලා සංවිධානය විසින් ඊයේ(24)දිනයේදී දකුණු ඊශ්‍රායලයේ Ashdod නාවික කඳවුර ඉලක්ක කරගනිමින් ටෙල්අවිව් වෙත දැවැන්ත ප්‍රහාරයක් දියත් කර ඇති බව වාර්තා වේ.

මෙහිදී හිස්බුල්ලා සංවිධානය විසින් උසස් මිසයිල 350ක් සහ ප්‍රහාරක ඩ්‍රෝන යානා යොදා ගෙන තිබූ අතර ප්‍රහාර හේතුවෙන් එක් අයෙකුගේ තත්වය බරපතල බව වාර්තා වන අතර 11 දෙනෙකු තුවාල ලබා තිබේ.

ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය ගාසා තීරයේ හමාස් සංවිධානයට සහය දැක්වීම සඳහා ක්‍රියා කරන බව පවසමින් වසරකට ආසන්න කාලයක් සීමා මායිම් හරහා සිදු වූ වෙඩි හුවමාරුවෙන් අනතුරුව ඊශ්‍රායල ප්‍රහාරවලින් ලෙබනනයේ 3,500 කට වැඩි පිරිසක් මිය ගොස් ඇති අතර ගැටුම් හේතුවෙන් මිලියන 1.2 ක ජනතාවක් එනම්, ලෙබනනයේ ජනගහනයෙන් හතරෙන් එකක් අවතැන් වී ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බැකෝ සමන් සහ තැඹිලි ළහිරු ගැන අධිකරණය ගත්ත තීන්දුව!

කොළඹ LNW:ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙනවිත් සිටින සංවිධානාත්මක අපරාධ...

එජාපයෙන් සමඟියට ගිය අයට පැනවූ තහනම ඉවතට!

කොළඹ LNW:සමගි ජන බලවේගයට එක්වීම නිසා පක්ෂ සාමාජිකත්වය අත්හිටවනු...

කහ සහ ඉගුරු වගාවටත් හොද කාලයක්!

කොළඹ LNW:වාණිජමය වශයෙන් හා අපනයනය කිරීමේ අරමුණින් වගා කරනු...

අත්අඩංගුවට ගැනීමට අවශ්‍යව සිටි සම්පත් මනම්පේරි අධිකරණයට භාරවෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 17 කොළඹ LNW : පසුගිය දා මිද්දෙණිය ප්‍රදේශයේදී...