ප්‍රමිත බණ්ඩාර විපක්ෂයෙන් ඉල්ලීමක් කරයි.සජිත්ට සහ සජබෙටත් කොක්කක්!

Date:

කොළඹ LNW:විපක්ෂයේ සිටින සියලුම පක්ෂ නායකයන් සහ බලවේගවලින් හිටපු ආරක්ෂක රාජ්‍ය ඇමති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් ඉල්ලීමක් කර තිබේ.

දඹුල්ල ප්‍රදේශයේ සාකච්ඡාවක් අතරතුර ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා ප්‍රකාශ කර තිබුණේ ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගයේ ආණ්ඩුවට ලබාගත් ජයග්‍රහණයට සුභ පතන අතර එමෙන්ම ජාතික ජන බලවේගය විපක්ෂයේ සිටියදී කළ දේශපාලනය කිරීමට තමන් ප්‍රමුඛ පිරිස සූදානම් නැති බවයි.

”ඔවුන් රජයට දුවන්න ඉඩ දුන්නේ නෑ කකුලෙන් ඇද්දා උද්ඝෝෂණ කරා, පෙළපාලි ගියා, වැඩ වර්ජනය කරා, රටේ බොරු මතයක් හැදුවා.”

ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ, ”අපි වගකීමෙන් විපක්ෂයේ වැඩ කරන්න ඕනේ කතා කරන්න ඕනේ. බොරු කියලා බලය ගන්න අපි සූදානම් නෑ. ඒ වගේම අපි විපක්ෂයේ ඉන්න සියලු විපක්ෂ නායකයින් සහ විපක්ෂය පක්ෂවලින් ඉල්ලීමක් කරනවා එකතුවෙලා වැඩ කරමු. ඒ වගේම ජාතික ජන බලවේගයට ඔරොත්තු දෙන්න පුළුවන් මූණ දෙන්න පුළුවන් විපක්ෂය නායකත්වයක් අපිට අත්‍යවශ්‍යයි. ඒ නායකත්වය සජිත් ප්‍රේමදාස නෙවෙයි. මට ඔහුත් එක්ක කිසිම පෞද්ගලික අමනාපයක් ප්‍රශ්නයක් නැහැ. හැබැයි අනුර කුමාර දිසානායකට විකල්පයක් සජිත් ප්‍රේමදාසවත් සජබේවත් නෙවෙයි කියන එක මුළු රටම පිළිගන්නා කාරණයක්.”

එනිසා සියලු විපක්ෂ පක්ෂ එකතු වී පුද්ගලික්වය ඉදිරියට නොදමා නැතුව එකතු වී වැඩ කරමු යනුවෙන් හිටපු රාජ්‍ය අමාත්‍යවරයා යෝජනා කර තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මන්නාරම Hayleys Fentons සුළං විදුලි බලාගාරයේ ඉදිකිරීම් ජනපති අනුරගේ ප්‍රධානත්වයෙන් ඇරඹේ !

වසර 2050 වන විට ශුද්ධ ශුන්‍ය කාබන් විමෝචන ඉලක්කය...

ඉරානය සිය ගුවන් අවකාශය වසා දමයි

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 15: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ රාජාණ්ඩුවට එරෙහි...

දිට්වා ආපදාවෙන් 93%කට ජීවනෝපායට දැඩි බලපෑම්!

කොළඹ LNW:ආපදාවට ලක්වූ ප්‍රදේශවල 93%ක ජනතාව සිය ජීවනෝපායන්ට බලපෑම්...

දියගමට පරිසර හිතකාමී කෙළි බිමක්…?

සටහන – නිෂ්මං රණසිංහ ජනවාරි 15, LNW (කොළඹ): පරිසර හිතකාමී...