කොළඹ LNW:වායු දූෂණය නිසා ඉන්දියාවේ දිල්ලිය,පාකිස්ථානයේ කරච්චිය අද මුහුණ දෙන ඉරණමින් කොළඹ නගරය බේරා ගත හැකි වූයේ කොළඹ මහ නගර සභාවේ වෛද්‍ය රුවන් විජේමුණි මහතා ඇතුළු පිරිස වායු දූෂණය මැඩලීම සඳහා ක්‍රියාත්මක කළ දුම් පරීක්ෂාව වැනි වැඩපිළිවෙළ නිසා බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කළේය.
ඔහු මේ බව ප්‍රකාශ කළේ ඊයේ (24) පස්වරුවේ එක්සත් ජනරජ පෙරමුණ සහ ‘කොළඹ පන්නරය’ විසින් සංවිධානය කෙරුණු කොළඹ සිත්තරා,කථිකයා, ජන ගී ගායක ඇගයීමට එක්වෙමිනි.
මෙම වැඩසටහන පැවැත්වුණේ පිටකොටුව පාවෙන වේදිකාව පරිශ්‍රයේ දී ය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් රණවක මහතා පැවසුවේ දුම් පරීක්ෂණ කතාවට අදටත් ඇතැමුන් දොස් කීවද එමඟින් අද කොළඹ නගරය බේරාගැනීමට හැකිවී තිබෙන බවයි.
”පහුගිය දවස්වල නවදිල්ලියේ ඉස්කෝල වහලා දරුවෝ ගෙදර යවලා. ඇයි වායු දූෂණය නිසා. කොළඹත් ඒ වගේ ප්‍රශ්නයක් ඇති වෙමින් තිබුණා. අපේ කොළඹ මහ නගර සභාවේ හිටපු වෛද්‍ය රුවන් විජේමුණි මැතිතුමා තමයි මීට අවුරුදු විස්සකට කලින් මේ කොළඹ නගරයේ දරුවෝ හුඟ දෙනෙකුට කැස්ස හැදෙනවා. විශාල වශයෙන් ශ්වසන ආබාධ තියෙනවා. මේකට හේතුව හැටියට මේ කොළඹ බස් එකෙන්, දුම්රියෙන් ඒ වගේම රථවාහන වලින් හරියටම ලක්ෂ හය වාහන කොළඹට ඇතුල් වෙනවා දවසකට මේ කොළඹ ඇතිවන වායු දූෂණය අඳුරගත්තේ. ඒ අනුව තමයි ඒක නැති කරන්න අපි 2008 දි ප්‍රවාහන අමාත්‍යාංශයට මඟ පෙන්වලා ඒ කටයුතු ආරම්භ කළේ. අදටත් සමහරු අපිට ඕකට දොස් කියනවා. ඔය දුම් පරීක්ෂා කතාවට. නමුත් අද දිල්ලියේ ඉරණම කල්කටාවේ ඉරණම ඒ වගේම කරච්චියේ ඉරණම ඩකා නගරයේ ඉරණම කොළඹ නගරයට ඇවිල්ලා නැත්තේ මේ එදා විජයමුණි දොස්තර මහත්තයා ඇතුළු පිරිස කරපු පුරෝගාමී කාර්යභාරය නිසයි.”
කොළඹ කසල කිසිම ජනාධිපතිලා ගණනාවක් බිහිකරපු, අගමැතිලා ගණනාවක් බිහිකරපු, මේ නගරයට බැරිවුණා කොළඹ කසල ප්රශ්නය විසඳගන්න. 33 දෙනෙක් මිය ගියා. මීතොටමුල්ලේ. ඒ අපරාධෙන් පස්සේ, කොළඹ නගරයේ කැලිකසල ප්රශ්නය විසඳන්න, එදා අපිට පුළුවන්කම ලැබුණා. අද කොළඹ කැලිකසල අද මේ කොළඹ විදුලි උත්පාදනය වෙන්නේ කොළඹ නගරයේ කැලි කසලෙන්. ඒක හුඟාක් දෙනෙකුට දන්නැති දෙයක්. නමුත් ඇත්තටම ඒකට මහන්සි වෙච්ච විශාල පිරිසක් හිටියා. කැප වෙච්ච විශාල පිරිසක් හිටියා. විරෝධතා මැද්දේ තමයි කොළඹ නගරයම ඔබ ඡන්දය දීපු ඇතැම් නාගරික මන්ත්‍රීලා, පාර්ලිමේන්තු මන්ත්‍රීලා ඒ විරෝධතාවය මත තමයි ඒ ව්‍යාපෘති ක්‍රියාත්මක කරලා, ඒ සහනය ලබා දුන්නේ. ඒ වගේම මේ කොළඹ අපේ ජනතාව පවුල් ඉන්නවා 70,000 ක් අවවරප්රසාදිත ඒගොල්ලන්ට හරිහමන් නිවාසයක් නෑ. ඒගොල්ලන්ට වැදගත් විදිහට දූ දරුවන් විශේෂයෙන්ම අපේ කාන්තා දැරිවියන්ට ඉන්න පුළුවන් තැනක් නෑ. අන්න ඒ නිසා අපි ඒ නිවාස යෝජනා ක්‍රම ගණනාවක් ඇති කළා. අවාසනාවකට අපට ඒවා නිම කරන්න කලින් ඒ බලය අහිමි වුණා. ඉතින් ඉදිරි කාලෙදි මේ කොළඹ නගරය නගරයක් හැටියට හිස ඔසවන්න නම් විධිමත් වාණිජ මධ්‍යස්ථානයක් වෙන්න නම් ඒ නිවාස පද්ධති, ඒ වගේම ඒ වෙළඳ පද්ධති විධිමත් වෙන්න ඕනේ. අපිට පේනවා මොන හරි විදේශ මාධ්‍ය ආයතනයකින් ආවාම මේ පිටකොටුවට දුවගෙන ඇවිල්ලා, ඔය දුප්පත් ජනතාව ජීවත්වෙන පැතිවලට කැමරාව අල්ලලා, ලංකාව ගැන ප්‍රතිචාරය දෙන්නේ. අන්න ඒ තත්ත්වය නැති කරන්න, අපි මේ කොළඹ නගරය ඉදිරි කාලයේදී ගොඩනගා ගන්න ඕනේ. ඒක ගොඩනගන්න කලින්, අපි මේ මිනිස්සු ගොඩනගන්න ඕනේ. අන්න ඒක නිසා තමයි, අපේ සචිත් රණසිංහ මැතිතුමා, මේ දරුවෝ අතර කලා කුසලතාවය, ක්‍රීඩා කුසලතාවය, ඒ වගේම ආගමික භක්තිය වැඩිදියුණු කරන වැඩ ගණනාවක් මේ කොළඹ නගරය අද දියත් කරලා තියෙන්නේ. හොඳ මිනිස්සු හිටියොත් පරිසරය ආරක්ෂා වෙයි. ඒ වගේම කලා කුසලතාව ඔප් නැංවෙයි. අනෙකුත් ආකාරයේ රට ඉදිරියට ගෙනියන්න පුළුවන් වෘත්තීය මට්ටමේ අධ්‍යාපනික පිරිසක් බිහිවෙයි. අන්න ඒ සඳහා ඒ ගත්ත ක්‍රියාමාර්ගයට කොළඹ පන්නරයට අපේ උත්තමාචාරය පිරිනමමින් මම නිහඬ වෙනවා. ඔබ සියලු දෙනාටම බොහොම ස්තූතියි.”යනුවෙන් රණවක මහතා තවදුරටත් පවසන ලදී.
ආශිකා බ්‍රාහ්මණ