“Love You Bro” Zayn ගෙන් Liam ට ආදරෙන්!

Date:

සටහන: පුන්සරා ලියනගේ

නොවැම්බර් 25, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):Zayn Malik සෙනසුරාදා රාත්‍රියේ ලීඩ්ස් හි පැවති ඔහුගේ ප්‍රසංගයේදී ඔහුගේ හිටපු One Direction සංගීත කණ්ඩායමේ සගයෙකු වූ Liam Payne හට උපහාරයක් ලෙස, “Love you bro” යනුවෙන් ලියා ඇති පුවරුවකින් ඔහුට ආදරේ දැක්වීම මේ දිනවල සමාජය කැළඹීමකට ලක් වූ පුවතක්ව හමාරය.

සමාජ මාධ්‍යවල විශාල වශයෙන් හුවමාරු වී ඇති එම පණිවිඩයේ Liam ගේ නම සහ ඔහු ඉපදුනු මෙන්ම මිය ගිය වසරද ඇතුළත්ව තිබුණි.

Zayn ගේ ගීතවත් සංචාරය මේ සතිය මුලදී එඩින්බරෝහිදී ආරම්භ වීමට නියමිතව තිබුණි. කෙසේ වෙතත්, ඔහු “අනපේක්ෂිත තත්වයන්” උපුටා දක්වමින් ඔහුගේ සංදර්ශන දෙකක් නැවත සැලසුම් කළේය.

Zayn මීට පෙර ඔහුගේ එක්සත් ජනපද සංචාරය ද කල් දැමීය, ඔහු Liam ගේ වෙන්ව යාමත් සමඟ කම්පනයකින් පසු වූ හෙයින් මෙලෙස කල් දෑමීම් සිදු කළ බව සඳහන් කළේය.

පසුගිය මාසයේ ආර්ජන්ටිනාවේ හෝටලයක තුන්වන මහලේ පිහිටි හෝටල් බැල්කනියකින් වැටීමෙන් 31 හැවිරිදි Liam අවාසනාවන්ත අන්දමින් මිය ගියේය.

ඉකුත් බදාදා බකිංහැම්ෂයර් හි ඇමර්ෂාම් හි ඔහුගේ අවමංගල්‍ය උත්සවයේදී පවුලේ අය, මිතුරන් සහ හිටපු සංගීත කණ්ඩායම ඔහුව සිහිපත් කරමින් අවසන් ගෞරව දැක්වීමට ද එක්ව සිටියහ.

හැරී ස්ටයිල්ස්, ලුවී ටොම්ලින්සන්, නියල් හොරන් සහ සයන් මලික් ශෝකයට පත් වූවන් අතර වූයේ මිත්‍රත්වයේ දෑත් එක් කරමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Fairway Holdings 7 වැනි සුඛෝපභෝගී නිවාස ව්‍යාපෘතිය වන‘Fairway Latitude’ දියත් කෙරේ 

Fairway Holdings සමාගම සිය 7 වන සුඛෝපභෝගී මහල් නිවාස සංවර්ධන...

Softlogic Life නව ගමනක!

රෂිකා හෙන්නායක ජනවාරි 21, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ...

Mazagon Dockසමාගම කොළඹ ඩොක්යාර්ඩ් හි 41.73% ක කොටස් කොටස් හිමිකාරිත්වයක් අත්පත් කරගනී!

රෂිකා හෙන්නායක ජනවාරි 21, කොළඹ LNW : ඉන්දියාවේ Mazagon Dock...