සටහන: සශිකලා මධුෂාණි
නොවැම්බර් 25: ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) : ඊශ්‍රායලය හමුදාව විසින් ලෙබනනයේ අගනුවර වන බේරූට් හි තදාසන්න හ්‍රෙයික් ප්‍රදේශයට එල්ල කරන ලද ප්‍රහාර හේතුවෙන් හිස්බුල්ලා හි ඉහළම පෙළේ හමුදා නිලධාරියෙකු ඇතුළු පස් දෙනෙකු මිය ගොස් ඇති බව වාර්තා වේ.
මෙම ප්‍රහාරය හිස්බුල්ලා සංවිධානයේ මාණ්ඩලික ප්‍රධානී, සයිද් අබු අලි ලෙසද හැඳින්වෙන හයිතම් අලි ටබටබායි ඉලක්ක කරගෙන දියත් කරන ලද බව ඊශ්‍රායලය නිවේදනය කර ඇති අතර පසුගිය වසරේ ඊශ්‍රායලය සහ හිස්බුල්ලා අතර සටන් විරාමය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු අනතුරු ඇඟවීමකින් තොරව සිදු වූ පළමු ප්‍රහාරය මෙයයි.
හිස්බුල්ලාහි ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරියෙකු හයිතම් අලි ටබටබායි පුළුල් හමුදා අත්දැකීම් ඇති අයෙකු වශයෙන් සැලකෙන අතර ඔහු හිස්බුල්ලා සංවිධානයේ හමුදා නායකත්වය ප්‍රතිසංවිධානයකර ඇත.
මෙම ඝාතනය සම්බන්ධයෙන් හිබුල්ලා සංවිධානය නිල නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබුණේ, 1982 දී දකුණු ලෙබනනයේ ඊශ්‍රායල ආක්‍රමණයට එරෙහි ප්‍රතිරෝධක ව්‍යාපාරයක් ලෙස ටබටබායි එහි කොටසක් වූ බවයි.