අපෙත් කොලිටියෙන් අඩු බෙහෙත් එන්න පුළුවන්. 5% – 8% අතරේ කල් ඉකුත්වීම සාමාන්ය දෙයක්. සමහරුන්ට මේවා නිව්ස් – ඇමති හංසක

ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්ණායක අනුව ඖෂධවලින් 5% – 8% අතර ප්‍රමාණයක් කල් ඉකුත්වීම සාමාන්‍ය දෙයක් බවත් ආණ්ඩුව මිලියන ගණනක ඖෂධ විනාශ කර ඇතැයි ඇතැමුන් චෝදනා කළත් එසේ විනාශ කර ඇත්තේ කල් ඉකුත් වූ ඖෂධ සහ ප්‍රමිතියෙන් බාල ඖෂධ බවත් සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්ය හංසක විජේමුණි මහතා පවසයි.

එසේම දැනට විනාශ කර ඇත්තේ මීට පෙර ආණ්ඩුවලින් ගෙන්වූ ඖෂධ බව කී ඒ මහතා කෙසේවෙතත් තම ආණ්ඩුව යටතේත් ප්‍රතිමිතියෙන් බාල ඖෂධ පැමිණීමට ඉඩ ඇති බවත් සඳහන් කළේය.

“අපි බෙහෙත්වල කොලිටි එක ආරක්ෂා කිරීමට උපරිම පියවර අරන් තියෙනවා. අපි ආවාට පස්සේ NMRA එකේ සේවක සංඛ්‍යාව දෙගුණ කරලා තියෙනවා. ඒවගේම ඒකට අවශ්‍ය නොයෙකුත් ආකාරයේ යටිතල පහසුකම් සපයලා තියෙනවා. ඩ්‍රග්ස්වල මිල පාලනය කිරීම සඳහා ක්‍රමවේදයක් අපි අරගෙන තියෙනවා. අපි දන්නවා එහෙම ක්‍රමවේදයක් ගේනකොට යම් යම් මතවාදී ගැටලු එනවා. නමුත් අපි මේ ක්ෂේත්‍රයේ ඉන්න සියලු දෙනා එක්ක යම් එකඟතාවයකට එන්න මේ දවස්වල කටයුතු කරගෙන යනවා. කොහොමවුණත් අපි ගත්ත පියවර නිසා බොහෝ ඖෂධවල මිල අඩුවීමක් පහුගිය කාලේ දකින්න ලැබුණා.

වැරදි අර්ථකථනයක් දීලා තිබුණා අපි ආණ්ඩුවෙන් බෙහෙත් විනාශ කරනවා කියලා. මිලියන ගාණක බෙහෙත්. ඒක කොයි කාලෙත් වෙන දෙයක්. ඒ කියන්නෙ ඒ විනාශ කරන බෙහෙත් වර්ග එකක් තමයි කොලිටියෙන් අඩුවෙලා රිජෙක්ට් වෙච්ච බෙහෙත්. ඒ රිජෙක්ට් වෙච්ච බෙහෙත් ගත්තාම මේ අපි ගෙන්නපුවා නෙවෙයි, ඊට ඉස්සෙල්ලා ඒවා. හැබැයි අපේ ඒවා වුණත් කාලයක් ගියාට පස්සෙ අපෙත් කොලිටියෙන් අඩු බෙහෙත් තියෙන්න පුළුවන්. එන්න පුළුවන්. එතකොට එහෙම ආවාම මොකද කරන්නෙ ? අපිට අනිවාඒයයෙන්ම ඒක බලාගන්න පුළුවන්, ඒ අපේ නිර්ණායක තියෙනවා, ඒක චෙක් කරලා කරන්නෙ ඒ බෙහෙත් අයින් කරනවා. ඒ වගේම දඩයක් ගහනවා ඒ කම්පැනියට 125%ක. ඒක නිසා බෙහෙත් රිජෙක්ට් වෙලා විනාශ කළා කියලා කිසිම පාඩුවක් රජයට වෙන්නෙ නෑ.

අනිත් එක තමයි කල් ඉකුත් වුණු බෙහෙත්. කල් ඉකුත් වෙන එක ලෝකේ අපේ රටේ විතරක් වෙන එකක් නෙවෙයි, හැම රටකම වෙනවා. ඒකෙදි අපි නිවැරදිව මේකෙ ඇස්තමේන්තුව දාගන්න ඕනෙ. ඇස්තමේන්තුව හරියට දාගන්න අවශ්‍ය ක්‍රියාමාර්ග අපි අරගෙන තියෙනවා. මේ 5% – 8% අතර කල් ඉකුත් වීම ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්ණායක අනුව ඒක සාමාන්‍ය දෙයක්. අපි හැමතිස්සේම මේ 8%ට වඩා අඩුවෙන් තමයි තියාගෙන තියෙන්නෙ මේ කල් ඉකුත්වීම. නමුත් අපේ සමහරුන්ට මේවා නිව්ස් වෙලා තියෙනවා”

හංසක විජේමුණි මහතා මේ බව පැවසුවේ අද (25) පාර්ලිමේන්තුවේදී අයවැය විවාදයට එක්වෙමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දු-ශ්‍රී ලංකා ධීවර සාකච්ඡා..

රෂිකා හෙන්නායක නොවැම්බර් 25, කොළඹ LNW: ශ්‍රී ලංකාව සහ ඉන්දියාව...

කාවන්තිස්ස ඇතාට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඇප ලබා දීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 25, කොළඹ LNW: 'කවන්තිස්ස' ඇතුට වෙඩි තැබීමේ...

Miss Universe 2026 කිරුළ පුවර්ටෝ රිකෝවට! ඉතිහාසය වෙනස් කළ ජයග්‍රහණයක් සමඟ Jennifer Barreto ලෝක රූ රැජින වෙයි!

සටහන – පුලීනොවැම්බර් 25, LNW (කොළඹ): ලොව පුරා රූපලාවණ්‍ය තරගාවලි...

මාලිමාව බුලත්කොහුපිටියේ අයවැයත් පරදී

ජාතික ජන බලවේගයට බලය හිමි බුලත්කොහුපිටිය ප්‍රාදේශීය සභාවේ 2027...