*
Wednesday, April 24, 2024
spot_img

Latest Posts

චාමික නැති ඇෆ්ගන් තරගාවලිය සහ ඇති අබුඩාබි තරගාවලිය සමඟ හලන්න බැරි හලංගොඩ

චාමික කරුණාරත්න විනය චෝදනා මත අත්හිටවු දඩුවමකට යටත් කරමින් ඊට නොගැලපෙන දක්ෂතා හීන වීම කියන කාරණය පදනම් කරගෙන අද ඇරඹෙන ඇෆ්ගනිස්තානයට එරෙහි තරගාවලියෙන් ඉවත් කර ඇත.ඉව් කිරීමට හේතු විමසා ක්‍රීඩා අමාත්‍යවරයා පවා කරුණු විමසීමක් කර ඇති අතර කණ්ඩායම තේරීම සඳහා ගත් ක්‍රියාමාර්ග ගණනාවක ගැටළු ද ජාතික ක්‍රීඩා සභාව,ක්‍රීඩා අමාත්‍යංශය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් අතර පැහැදිළි එකඟතාවයක් නොමැතිව නිමා වූ බව දෙපාර්ශවයටම අදාළ තොරතුරු මඟින් හෙළි කර ඇත.
කෙසේ නමුත් කණ්ඩායමේ ස්ථානය අහිමි වීම සනාත වීමෙන් පසු චාමික කරුණාරත්න ඩුබායි බලා පිටත්ව ගියේ අබුඩාබි ටී 10 තරගාවලියට ක්‍රීඩා කිරීම සඳහා ය.ඔහු මොයින් අලී නායකත්වය දරන මොරිස්වයිල් සෑම්ප් ආමි කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරීමට නියමිතය.එම කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරන්නේ ක්‍රීඩා කරන සමයේ ලොව සිටිය භයානකම තුන් ඉරියව් ක්‍රීඩකයෙක් ලෙස ගැනෙන ලාන්ස් ක්ලූස්නර්ය.ක්ලූස්නර් චාමික හමුව බොහෝ විට චාමිකගේ අනාගත ක්‍රිකට් සඳහා බෙහෙවින් වැදගත් වනු ඇතැයි සිතිය හැකිය.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සියලුම දෙනාට මෙන්ම ඊට සම්බන්ධ නිල වගකීම් දරන්නන් සහ එම පවුල්වල සාමාජිකයන්ට කැමති ආගමක් ඇඳහීමට ඇති නිදහස තිබිය යුතුය.නමුත් මේ යන ආකාරයට එම පුද්ගලයන් සහ පවුල්වල සාමාජිකයන් ආගම් ප්‍රචාරනය වෙනුවෙන් මැදිහත් වීම ක්‍රිකට් නීතිය මඟින් නැවත්විම නොකරන්නේනම් ශ්‍රී ලංකාවේ දේශපාලනය තරමටම ගඳ ගහන ක්‍රීඩකයන්ට,නිලධාරීන්ට පාරට බැසීමට නොහැකි තරමට ආගම් මූලයන් ක්‍රිකට් ද ගඳ ගස්වනු ඇත.
චාමිකට බෞද්ධ වත් පිළිවෙත් සඳහා පහනක් පත්තු කිරීමට ඉඩ නොමැතිවීම සහ භානුක රාජපක්ෂ කණ්ඩායමක් ලැබූ ජයක් තමන්ගේ ආගමික දේශකයාට සිය ඇදහීමේ විශ්මය හරහා ලැබුණු දෙයක් යන්නට කියද්දී ඊට පෙනී සිටීමට ඉඩ තිබීම සමාජය ආගමික වශයෙන් අවුලවමින් සිටින්නේය.ක්‍රිකට් පරිපාලනය මේ කිසිවක් කාටවත් විස්තර නොකළ යුතු බව සිතන උද්ධච්ඡ මානසිකත්වයකින් සිටින්නේය.ලංකාවේ ද ඇතැම් පරිශ්‍ර ගිණිකූරක් දැල්වීමට නොහැකි තරමට ගින්නෙන් ආරක්ෂා කර තිබෙන බව බොහෝ අය දන්නා බව අපි විශ්වාස කරන්නෙමු.මේ සිඳුවීම එවැනි සිද්ධියක් නොවන්නේනම් භානුකට සිය ඇදහීම වෙනුවෙන් කණ්ඩායමක්ම දෙවියන් වහන්සේගේ ප්‍රාතිහාර්යය බවට පත් කර ගන්නට හැකියාව තිබීමත්,චාමිකට පෞද්ගලිකව සිය ආගම ඇදහීමට ඉඩ නොතැබිමත් ප්‍රශ්නයකි.
අප විශ්වාස කරන අන්දමට පෞද්ගලිකව තනි තනිව කුමන දේ කළද කණ්ඩායම තුළ ආගම සම්බන්ධයෙන් ප්‍රචාරනයට ඉඩ සපුරා තහනම් කළ යුතුය.එය ක්‍රීඩාවට අදාළ නැත.කටාර් හි ආගමික ප්‍රචාරනය ලෝක කුසලානය පාදක කරගෙන කරන විවේචනයට සමානවම ශ්‍රී ලංකා ක්‍රිකට් සිය ක්‍රීඩකයන්ට මෙන්ම නිලධාරීන්ට ද ආගම් ප්‍රචාරන වැඩවලට පෙනී නොසිටිය යුතුය යන්න ස්ථිරව ප්‍රකාශ කළ යුතුව ඇත.එය හැම ආගමකම ප්‍රචාරන වැඩවලට අදාළ එකක්ය.දෙවියන් වහන්සේගේ නියෝජිතයන් ලෙසවත්, බුද්ධාගමේ නියෝජිතයන් ලෙසවත් හෝ වෙන කිසිඳු ආගමක,නිකායක නියෝජිතයන් සේ ප්‍රචාරනය සපුරා තහනම් බව ක්‍රීඩකයන්ගේ ගිවිසුමට ඇතුළත් විය යුතුව ඇත.
නැත්නම් ක්‍රීඩකයින් තරග වදින තරම් සුහද ලෙස සිය ව්‍යාපාරික අවශ්‍යයතාවයන්වල තරගයේදී බැමි වැටුණු සියලු ආගම් පැවිද්දන් නො’ඉවසනු ඇත.ඔවුන් අනුගාමියකන් පෙරටු කොට කරන සටන් පිතිරුණු විසිරුණු අයුරු රාජපක්ෂ නිකායේ ආශීර්වාදය ඇතුව රට පුරා සිඳු වූ ආගමික කළබැඟෑනි ගැන සිහි ඇත්නම් හොඳටම මතක තිබෙනවා සිතුරුය.
එසේම අපූරුම සිඳුවීම වන්නේ ක්‍රීඩකයින්ට තහනම් පැනවෙන හිරේ විලංගුවේ වැටෙන තත්ත්වයට පත් වුණ ද ඒවා ක්‍රීඩකයින්ට පමණක් බලපාන කළමණාකරුට කිසිසේත් අදාළ නොවන දෙයක් වීමය.හලංගොඩ ඒවා පදනම් කරගෙන හැලෙන්නේ නොව හෙලවෙන්නේ ද නැත.ඇත්තටම ඔහුට එසේ සිටින්නට පුළුවන් කෙසේද?පහන පත්තු කර චාමිකට ඩොලර් දහසක දඩයක් ගසන්නට දැන් සිටි හලංගොඩ හෝටලයෙන් පිට ගොස් හිරේ විලංගුවේ වැටෙන වැඩ කළ ක්‍රිඩකයන් සම්බන්ධයෙන් කිසිවක් නොදන්නේ ඔහු වගකීම ඉටු නොකර සිටි නිසාය.මේ වැඩවල හැඩය දැක්කම ආගමක බලපෑම යන්න කීමට සාක්ෂි නැතත් මේ ක්‍රිකට්ම පමණක් නොවන පැහැදිළිය.ඊට ක්‍රිකට්මය නොවන භාහිර ආගමික හෝ වෙන කුමන හෝ දේශපාලන බලපෑමක් තිබෙන බව පැහැදිළිය.
ඇෆ්ගන් තරගාවලියේදී යහපත් ප්‍රතිපලයකට ශ්‍රී ලංකා කණ්ඩායමට සුබ පතන අතරේම අබුඩාමි ඕවර් 10 තරගාවලියේදී ඉහළ දස්කම් දක්වන්නට අපි චාමිකට ද සුබ පතන්නෙමු.ශ්‍රී ලංකා ක්‍රිකට් ජනතාවට වගකිව යුතුය.ඔවුන් පාලනය කරන දේපළවල ඉලක්කම් අගය නොවන ඊට වඩා විශාල වගකීමක් ජනතාව සම්බන්ධයෙන් දැරීමට පුරවැසි වගකීම අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් එකඟ විය යුතුය.

RM

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan