ඔබ නොදන්නා පැත්ත කෙටියෙන් – අලි මිනිස් ගැටුම

අලි ඇතුන්ගේ වාසස්ථාන හිග වීමත් අලි ඇතුන් ගේ ගහනය වැඩිවීමත් නිසා ඇතිවු ප්‍රතිඵලයකි අලි මිනිස් ගැටුම.
සාමාන්‍යයෙන් වසරකට අලි ඇතුන් 300ක් පමණ මිනිසුන් අතින් මැරුම් කති. මිනිසුන්ද 100 ක් පමණ ඔවුන් අතින් වාර්ෂිකව මැරුම් කති.
මේ වසරේ මුල් මාස 4 තුල පමණක් අලි ඇතුන් 47 ක්ද, මිනිස් ජීවිත 34 ක්ද නැතිවිය.

අලි ඇතුන් මාරු වෙන ස්ථාන හෙවත් අලි මංකඩ 16 ක් අවහිර වී ඇත. එහි ප්‍රතිඵලය අලි ඇතුන් බොහොමයක් ගම් වැදීමයි.

අවසාන අලි ඇතුන් සංගණනය 2011 දී සිදුවී ඇත.එලඹෙන වසරේ මීලඟ සංගණනය නියමිතය.

අලි ඇතුන් මිය යන ප්‍රධාන හේතු

  1. වෙඩි තැබීම්
    2.විදුලි සැර වැදීම්
    3 හක්ක පටස්
    4 දුම්රිය අනතුරු

පසුගිය වසර වල අලි ඇතුන්, මිනිස් මරණ සංඛ්‍යාව 2019. (407,122)
2020. (318,112)
2021. ( 375,142)

(සියලු දත්ත Wildlife & Nature protection Society වාර්ෂික වාර්තාව කින් උපයා ගන්නා ලදී)

අලි ඇතුන් ගම් වැදී කෑම සොයා යන ගමනේදී වගා පාලු කරමින් ,ගෙවල් විනාශ කරමින් ,හමුවෙන හමුවෙන අය පිටුපස පන්නමින්, ඔවුන් පාගමින් ,පොලොවේ ගසමින් සිටින මොහොතක, රාත්‍රි කාලයේ ඔබට අනාරක්ෂිත කුඩා පැලක හෝ නිවසක කාලයගෙවන්නට හෝ එලියට යන්නට සිදු වුනොත් ඔබට කුමක් සිතෙයිද කියා ඔබ නිකමටවත් සිතුවාද? දැන්වත් මොහොතකට සිතන්න.මර බය ඇතිවෙනවා නොවේද?

එමෙන්ම මහා බඩගින්නක් ඇති අලින්ට යන එන මං ඇහිරී වනයේ ආහාර ගැටලුවට මැදිවී, කෙසේ හෝ කුස පුරවා ගැනීමට වියරුවී යන ගමනේදී නොසිතූ ලෙස අවාසනාවන්ත ලෙස ජීවිත පුද කරන්න සිදු වුනොත් අපි කම්පා නොවෙම්ද?

පිලිතුර කොතැනද? ගැටලුව මනාව විද්‍යාත්මකව අධ්‍යනය කර උගතුන් විසින් සාමුහික ප්‍රයත්නයක් දරා,

අලි ගහන කොහේද?
ආහාර කොහේද?
යන එන මාර්ග කවරේද?
අවහිරතා කවරේද?
හරහට වැටෙන ජනාවාස ඉවත් කරනවාද?

වැනි කරුණු දීර්ඝව අධ්‍යායනය කර මේ ගැටලුව විසඳීම විනා පැලැස්තර විදුලි වැට මගින් විසඳුම් ලැබේවිද?

රෂිකා හෙන්නායක
2022.11.25

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඥානසාර හිමිට ජනාධිපති සමාව දීමේ ඉල්ලීම කොහෙත්ම ඉටු කරන්න බෑ. ඒක අපේ ජනවරමට පටහැණියි – ඇමති ලාල්

ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට 2019 වසරේදී ලබාදී තිබුණු ජනාධිපති...

ප්‍රධාන පොලිස් පරීක්ෂක වරුණි බෝගහවත්තගේ මෝටර් රථය CID භාරයට

කොටවිල පොලිස් ස්ථානයේ පාලන අංශයේ ස්ථානාධිපති ලෙස කටයුතු කරන...

“කාවන්තිස්ස” ඔබත් ගිහින්……

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 16, කොළඹ LNW : වෙඩි වැදීමකින් තුවාල...

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට කඳවුරු බදින්න හැදු භික්ෂුන් වහන්සේලා විහාර මහා දේවි උද්‍යානයට!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස...