*
Thursday, March 28, 2024
spot_img

Latest Posts

අයවැයෙන් ජනතා සහන නැති තැන රනිල්ට දැන් හීනෙනුත් අරගලය පේන්න අරන් (VIDEO)

අයවැය කාරක සභා විවාදය අතරතුර ජනධිපතිවරයා නැගිට වරින් වර අරගලයට පහරදෙන්නට පටන් ගෙන තිබෙන අතර එසේ සිදුවන්නේ අයවැයෙන් ජනතා සහන නොමැති නිසා අරගලයක් මඟ එන බව ඔහුගේ දේශපාලන අත්දැකීම් අනුව පෙනෙන න්නිස යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පැවසුවේය.

ඒ, අද (25) නිදහස ජනතා සභාව විසින් පැවැත්වූ මාධ්‍ය හමුවේදීය.

ජනාධිපතිකම තමන් ඉල්ලා ගත් එකක් බව වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසුවද එසේ නම් එදා ඩලස් අලහප්පෙරුම සහ අනුර දිසානායක සමඟ ඊට තරඟ කළේ ඇයිද යන්න මන්ත්‍රීවරයා විමසා සිටියේය.

එවැනි පසුබිමක ජනාධිපතිකම තමන් ඉල්ලා ගත් දෙයක් නොවන බවට ප්‍රකාශ කිරීමේ අයිතියක් රනිල් වික්‍රමසිංහ මහතාට නොමැති බවයි හෙතෙම පැවසුවේ.

එදා ඩලස් අලහප්පෙරුම මහතා වෙත ජන්දය දීමට පක්ෂ එකඟතාව ලැබී තිබියදීත් යටින් දැල කපා මන්ත්‍රීවරු බිලිබා ගත්තේ අකමැත්තෙන් ජනාධිපති වීමටද යන්න පිළිතුරු දිය යුතු බව ඩිලාන් පෙරේරා මහතා අවධාරණය කරන ලදී.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan