*
Thursday, April 25, 2024
spot_img

Latest Posts

අපේ දෙපිට කාට්ටු වැඩ නැහැ – ආණ්ඩුවේ සිටින ශ්‍රීලනිප කණ්ඩායමට දයාසිරිගෙන් ප්‍රතිචාර (VIDEO)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ආණ්ඩුවට එක්ව සිටින කණ්ඩායම සහ පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ සිටින කණ්ඩායම අතර මේ වන විට මතුව තිබෙන උණුසුම්කාරී තත්ත්වය තවදුරටත් පහව ගොස් නැහැ.

ආණ්ඩුවට එක්ව සිටින කණ්ඩායමේ ශ්‍රීලනිප සාමාජිකත්වය ඔවුන්ගේ විනය පරීක්ෂණ අවසන්වන තුරු අත්හිටුවා ඇති බවට පසුගිය මධ්‍යම කාරක සභාවේදී තීරණය කිරීමෙන් අනතුරුව දෙපාර්ශවයේ මත ගැටුම දැන් කරළියට පැමිණ තිබෙනවා.

අද දිනයේදීත් ශ්‍රීලනිප මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා මාධ්‍ය හමුවේ මේ සම්බන්ධයෙන් අදහස් දක්වා සිටියා.

ආණ්ඩුවට එක්ව සිටින පිරිස මෙන් දෙපිට කාට්ටු වැඩ තමන් නොකරන බවයි ජයසේකර මහතා කියාසිටියේ.

පක්ෂයක් ලෙස පැහැදිලි තීන්දුවක් ගෙන තිබියදී රෑට රෑට ආණ්ඩුවේ ප්‍රබලයින් සමඟ සාකච්ජා කිරීමට තරම් දෙපිට කාට්ටු තත්ත්වයකට පත්ව නැති බව හෙතෙම සඳහන් කළා.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවුලක බූදලයක් නොවන බවත් එය මහජනතාවගේ පක්ෂයක් බවත් ඔහු වැඩිදුරටත් පැවසුවා.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan