*
Friday, December 13, 2024
spot_img

Latest Posts

මේක අපේ ආණ්ඩුව. අපේ බෝනස් එක අපි ගන්නවා. මාලිමාවට මුවාවෙලා රිංගපු නරි දොට්ට දානවා – ලංවිම ජයලාල් සැරවෙයි !

සටහන – රුවන් නෙළුගොල්ල

ලංකා විදුලිබල මණ්ඩලය මේ වනවිට ලාබ ලබන ආයතනයක් බැවින් එහි සේවකයින්ගේ බෝනස් දීමනාව දෙසැම්බර් 10 වනදාට පෙර ලබාදෙන ලෙස ඉල්ලා සිටින බවත් දැන් ඇත්තේ තමන්ගේ ආණ්ඩුවක් බැවින් දියව්, දියව් කියා පාරට නොබසින නමුත් තමන්ගේම ආණ්ඩුවට මේ බව මතක් කරන බවත් ජනතා විමුක්ති පෙරමුණේ වෘත්තීය සමිතියක් වන ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රංජන් ජයලාල් මහතා පවසයි.

“ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයින්ගේ ප්‍රසාද දීමනාව, ජනතා විමුක්ති පෙරමුණේ වෘත්තීය සමිතිය විසින් ඉල්ලීම මහා පාපයක් විදියට සලකලා තමයි ඇතැම් මාධ්‍යවල යන්නේ. අපි ලංකා විදුලිබල මණ්ඩලය ඇතුළෙ ආණ්ඩුව නියෝජනය කරන වෘත්තීය සමිතිය. අපි අපේ ඉලක්කය පසුගිය සැප්තැම්බර් 21 වෙනිදා අත්පත් කරගත්තා. මේ රටේ වැඩකරන ජනයාගෙ ආණ්ඩුවක් මේ රටේ තියෙන්නෙ. ඒකට බාධා කරන්න බෑ. ඒ නිසා අපි විදුලිබල මණ්ඩලයේ පාලන අධිකාරියටත් කියන්න ඕනෑ සෙසු අයටත් කියන්න ඕනෑ, දැන් අපට ආණ්ඩුවට කියන්න බෑ. මොකද ආණ්ඩුව අපේ. අපි දැන් පොඩ්ඩක් පෙනේ පුප්පනවා විතරක් නෙවෙයි අපි දෂ්ඨ කරන්න ඕනෙ තැනට දෂ්ඨ කරනවා. ඒ නිසා මේගොල්ලො ලෑස්ති වෙනවා නම් තවදුරටත් නයාව දරමිටියේ බඳින්න, නයෙක් කියලා ඔප්පු කරන්න වෙනවා. අපි ආණ්ඩුවට එරෙහිව නෙවෙයි, ආණ්ඩුව මේක දෙන බව අපි දන්නවා. ඒ නිසා විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති ව්‍යාපාරයේ වගකීමක් තිබෙනවා ආණ්ඩුවට මතක් කරන එක. ඒක අපේ කාර්යභාරය. කවුරුහරි කියනවා නම් පඩි ගන්නෙ නැතිව වැඩ කරන්න කියලා, ඒක කරන්න බෑ. එයාට පඩිය දෙන්න ඕනෑ, එයාගෙ දීමනා දෙන්න ඕනෑ. අපි බලය නැතිවත් අපට 3%ක් තියෙද්දීත් ආණ්ඩු දණ ගස්සලා විදුලිබල මණ්ඩලයේ සේවකයින්ගේ අයිතිය රැක්කා. ඉස්සරහටත් අපි එහෙම තමයි. නත්තල 25, දහ වෙනිදාට කලින් මේක දෙන්න. දැන් අපි පාරට බැහැලා දියව් දියව් කියන්නෙ නෑ, අපේ ආණ්ඩුවට මතක් කරනවා බෝනස් එක ගන්නවා, මතක් කරනවා වැටුප ගන්නවා, යෝජනා ගේනවා මණ්ඩලය හදනවා. අපි තමයි විදුලිබල මණ්ඩලයේ පාලකයෝ.

අපි දන්නවා විදුලිබල මණ්ඩලය ඇතුළෙ මේ තොරතුරු එළියට දීලා මඩ ප්‍රහාර එල්ල කරන්නෙ කවුද කියලා. ෆයිල් ගණන් තියෙනවා අපි ගාව, අපි ඒවා තියන් හිටියෙ මේ පාර්ලිමේන්තු මැතිවරණය අවුල් කරගන්න ඕනෙ නැති නිසා. පැහැදිලිවම මෙන්න මේ ලිපිය අපි ජනමාධ්‍යට නිකුත් කළේ නෑ. ජාතික ජන බලවේගයට මුවාවෙලා රිංගා ගත්ත නරි කීපදෙනෙකුත් ඉන්නවා. ඒ නරි අපි හෙට අනිද්දා දොට්ට දානවා කනෙන් අල්ලලා”

රංජන් ජයලාල් මහතා මේ බව පැවසුවේ ඊයේ (නොවැම්බර් 25) කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

රංජන් ජයලාල් මහතා පසුගිය මහමැතිවරණයට ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තුව යටතේ තරග වැදුණු අපේක්ෂකයකු ද විය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan