ට්‍රම්ප්ට එරෙහි ජැක් ස්මිත්ගේ නඩුව නිෂ්ප්‍රභා කෙරේ

සටහන: සශිකලා මධුෂාණි
නොවැම්බර් 26; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : 2020 මැතිවරණය අවලංගු කිරීමට නීති විරෝධී ලෙස උත්සාහ කිරීම හා රහසිගත ලේඛන අනිසි ලෙස ගබඩා කිරීම යන චෝදනාවන් මත ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විශේෂ අභිචෝදක ජැක් ස්මිත් ගෙන ආ නඩුව විනිසුරු ටාන්යා චුට්කන් නිෂ්ප්‍රභා කර ඇති බව වාර්තා වේ.

නඩුව නිෂ්ප්‍රභා කරමින් විනිසුරුවරිය සඳහන් කර තිබුණේ, ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දෙවන ධුර කාලය අවසන් වීමෙන් අනතුරුව චෝදනා නැවත ගොනු කළ හැකි බවයි.

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ඔහුගේ පළමු ධුර කාලය අවසන් වීමෙන් අනතුරුව ෆෙඩරල් නඩු දෙකට සහ ඒවාට සම්බන්ධ අපරාධ චෝදනා 100 කට ආසන්න ගණනකට මුහුණ දුන් අතර එමඟින් ජනාධිපති අපේක්ෂකත්වය පවා අහිමි වන්නට ඉඩ තිබිණි. කෙසේ නමුත්, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ජනාධිපතිවරයා වශයෙන් සිටියදී ගනු ලැබූ තීන්දු තීරණ වලට නඩු පැවරිය නොහැකි බවට තීන්දු කිරීමත් සමඟ ට්‍රම්ප් විශිෂ්ඨ ලෙස දෙවන වාරය සඳහා මැතිවරණ ජයග්‍රහණය කරන ලදී.

ජැක් ස්මිත්ගේ නඩුව සම්බන්ධයෙන් සිය සමාජ මාධ්‍ය වේදිකාවේ සටහනක් යොදමින් ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කර තිබුණේ, සියලු චෝදනා හිස් හා ගණන් ගත යුතු ඒවා නොවන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉදිරි මාස තුන සඳහාත් ඉන්ධන මිලට සහනාධාරයක්. කැබිනට් පත්‍රිකාව අද කැබිනට් මණ්ඩලයට

සටහන - රුවන් නෙළුගොල්ල ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල ඉහළ යන...

මැලේසියානු ස්කොෂ් ක්‍රීඩකයන් 2028 ඔලිම්පික් වරම් දිනයි

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : 2026 ආසියානු...

මහපොළොවේ යථාර්ථය පෙන්නුම් කරන්නේ වෙනස්ම අඳුරු කතාවකි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : ඉතියෝපියාව නැවතත් පූර්ණ...

‘ලෝකයට ඔලිව් බෙදන සුන්දර ටියුනීසියාව’ – රටක් ගැන කෙටියෙන්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 27: අප්‍රිකානු මහද්වීපයේ උතුරු...