නිශ්මං රණසිංහ නොවැම්බර් 26, කොළඹ LNW:
වැඩි පෙණුමක් නැතුව වැඩි සද්දයක් නැතුව ලංකාවේ ජනප්‍රියතම ක්‍රීඩාවේ ලෝක කුසලාන තරගාවලියක් ලංකාවේදී නිමාවට පත් වුණා.ඉන්දියාවේ මූලික තරග තිබුණත් අවසාන මහා තරගය ඇතුළුව තීරණාත්මක තරග පැවත්වුණේ කොළඹ පී සරවනමුත්තු ක්‍රීඩා පිටියේදී යි.එසේ පැවති පළමු දෘශ්‍යාබාධිත කාන්තා ලෝක ක්‍රිකට් කුසලාන තරගාවලියේ සූරතාවය දිනා ගන්නට ඉන්දියාව සමත් වුණා.අනු සූරියන් වූයේ නේපාල කණ්ඩායමයි.
එහෙත් මේ තරගාවලිය ශ්‍රී ලංකාවට ඒම වගේම මේ තරගාවලියට ශ්‍රී ලංකා කාන්තා දෘශ්‍යාබාධිත කණ්ඩායමක් ක්‍රීඩා කිරීම කියන කාරණා දෙකම විශාල සැළසුම් ඇතුව සිඳු වී නැහැ.නේපාලයේ පැවත්වීමට තිබුණ තරගාවලිය ආරක්ෂාව නිසා එහි පවත්වන්ට ඉඩ ඇහිරෙනවා.ඒ මොහොතේ ඉන්දියාව තමන්ගෙ සහයට ශ්‍රී ලංකාව තෝරා ගන්නවා.ශ්‍රී ලංකාවේ දෘශ්‍යාබාධිත ක්‍රිකට් සභාපති සුදේශ් තරංග එම අභියෝගය ජය ගන්නවා.
අනුග්‍රාහකත්වය ආදි කරුණු සම්පාදනය කර දෙන්න වෙනස් අවශ්‍යයතා සහිත ප්‍රජාව වෙනුවෙන් වෙන් වූ සමර්ථනන් පදනම ඉදිරිපත් වෙනවා.සුදේෂ්ගේ හයිය හිත මේ අවස්ථාව භාරගන්න පසුබාන්නෙ නැහැ.රටටත් කීර්තිය වගේම විදේශිකයන් පැමිණිම හරහා ලැබෙන ආර්ථිකමය සහයෝගයත් සුදේෂ්ගේ අවධානයට ලක් වෙනවා.

‘ඒත් ටීම් එකක් හදාගන්න මෙහෙයුම පහසු වුණේ නැහැ.ඒත් කොළඹ විශ්ව විද්‍යාලයේ කාලෙකට ඉස්සර බ්ලයින්ඩ් ක්‍රිකට් සෙල්ලම් කරන්න උත්සාහ කළ පිරිසක් හිටිය බව මගේ මතකයේ තිබුණා.ඇත්තටම ඒ වෙලාවෙ එහෙම සම්බන්ධතා සහ ඒ වන විටත් මලල ක්‍රීඩා වැනි ඉසව් නියෝජනය කරපු අයගෙන් යැපෙමින් බ්ලයින්ඩ් ක්‍රිකට් කණ්ඩායම පෝෂණය කරන්න තමයි අවධානය යොමු වුණේ.‘
සුදේෂ් කණ්ඩායමක් නිර්මාණය කර ගත් හැටි සිහිපත් කරමින් පැවසුවා.ඔහු තව දුරටත් පැවසුවේ එම කණ්ඩායමේ තමන්ටත් වඩා වැඩිමහල් අයත් සිටිය බවයි.ඒත් අනෙකුත් කණ්ඩායම් යොදා ගෙන තිබුණේ ඉතාම තරුණ පිරිස් නිසා මේ ආරම්භය ඉදරියට රැඟෙන යන්න තරුණියන්ගේ දායකත්වය අත්‍යවශ්‍යය වෙන බවත් සුදේෂ් පෙන්වා දුන්නා.

‘0714098507 මගේ නම්බර් එක.අපේ ලේකම් චන්දන.එයාගෙ නම්බර් එක 0773589997 යි.මේ නම්බර් දෙකට දෘශ්‍යාබාධිත තරුණියන්ට කතා කරලා ලංකාවෙ දෘශ්‍යාබාධිත කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව සමඟ එකතු වෙන්න පුළුවන්.‘
සුදේශ් අනාගතය වෙනුවෙන් හොද ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායමක් නිර්මාණය කරන්න අවශ්‍යය හැමෝගෙම සහය අපේක්ෂා කරමින් පැවසුවා.

සුදේශ් තරංග – දෘශ්‍යාබාධිත ක්‍රිකට් සංගමයේ සභාපති
‘මෙහිදී දෘශ්‍යාබාධිත අවස්ථාවන් තුනක පිරිස් කණ්ඩායමකට ඇතුළත් වෙනවා.පූර්ණ අන්ධභාවය සහිත අය අපි බී1 කියා හඳුන්වනවා.ඊට පසුව ඇස් පරික්ෂාවේදී ඇති පූවරුවේ ඉහළින්ම තිබෙන අකුරු මීටර් 3 ක දුර සිට කියවිය හැකි අය බී2 කියා හඳුන්වනවා.එම පූවරුවේ එම අකුරු මීටර් 6 ක දුර සිට කියවිය හැකි අය තමයි බී3 කියා කණ්ඩායමට ඇතුළත් කරන කොටස.‘
ඒ වගේම මෙම හදිසි අවස්ථාවට මුහුණ දිම සඳහා සකස් කර ගන්නා ලද ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ඉන්දියාවට රැඟෙන යාමට සුදේශ්ගේ පෞද්ගලික බැංකු ගිණුම භාවිතයට ගෙන ණයක් ගන්නට සිඳු වී තිබෙනවා.මෙම මුදල ක්‍රීඩා අමාත්‍යංශයෙන් ගුවන් ටිකට් පත් සඳහා දීමට පොරොන්දු වී ඇති මුදලයි.එය පියවන තෙක් ඒ කණ්ඩායමේ ගුවන් ටිකට්පත්වල බර සීදුව දවිසමර විද්‍යාලයේ ඉතිහාසය උගන්වන සුදේෂ්ට විතරක් සීමා නොවණ ඔහුගේ මුළු පවුලටම බරක් දැනෙන ණයක් වෙනවා.
ඉන්දියාව මේ තරගාවලිය සඳහා සූදානම් වෙද්දී ලෝක සූර ඉන්දීය ජාතික කණ්ඩායමේ නායිකා හර්මන්පීට් කෝර්,උප නායිකා ස්ම්‍රිති මන්දනා මෙන්ම රාජේෂ්වරී ගයික්වාඩ් දෘශ්‍යාබාධිත කණ්ඩායමේ සන්නාම තානාපතිණියන් විදිහට සහභාගි වෙනවා.ඒ නිසා රටේ විශාල පිළිගැනීමක් සහිතව ඇගයිමක් ජයග්‍රහණයට පෙරස ලබා ගෙන පැමිණීම ඉන්දීය දෘශ්‍යාබාධිත කණ්ඩායමට මේ තරගාවලියට ශක්තිමත්ව මුහුණ දීමට පදනම සකසා තිබෙනවා.

මෙහිදී ක්‍රිඩා අමාත්‍යංශයට මැදිහත්ව ශ්‍රී ලංකා ක්‍රිකට් සමඟ දෘශ්‍යාබාධිත ක්‍රිකට් පාහන්නට හැකියාව තිබෙනවා.අනුග්‍රහය මුදල්මය වශයෙන් පමණක් අපේක්ෂා නොකර ක්‍රීඩාවේ ගුණාත්මකභාවය පෝෂණය කිරීම උදෙසා මානසික පරීක්ෂණ ඒකකය වැනි දුර්ලභ අංශවලින් දාශ්‍යාබාධිත ක්‍රිකට් වෙනුවෙන් ප්‍රයෝජන ගැනීමට ඉඩකඩ සකසා ගත හැකිනම් එය අතිශයින් වැදගත් වෙනවා.ශ්‍රී ලංකාවේ පිරිමි කණ්ඩායම දැනටමත් ලෝක ශ්‍රේණිගත කිරීම්වල තෙවන තැන සිටින නිසා දෘශ්‍යාබාධිත ක්‍රිකට් ක්‍රීඩාව පිරිමි අංශයෙන් පමණක් නොවී කාන්තා අංශයෙන්ද ඉදිරියට ගෙන යාමට අවස්ථාව තිබෙනවා.
ඔවුන් දෑස නොපෙනී දක්වන දස්කම්වලින් උපන් ජයග්‍රාහී සතුටකින් ලාංකේයත්වය මුසු වූ සාඩම්බර කඳුළකට අපේ දෑස් කැමති කරගෙන ඉදිරිය බලා සිටිමු.ඔබ දකින හඳුනන දෘශ්‍යාබාධිත තරුණියන් වේ නම් ඔවුන් ද ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් යොමු කළ හැකිනම් ඉහත සඳහන් කර තිබෙන දුරකතන අංකවලට ඇමතුමක් දෙන්න.එසේත් නොවේනම් එම අංකය එවැනි අයට ලබා දෙන්න.

