කඳු නැගීමේ මාර්ගෝපදේශකයකුත් Aoraki – Mount පහළට ඇදවැටී ජීවිතක්ෂයට!

0
393

රෂිකා හෙන්නායක නොවැම්බර් 26, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

Aoraki – Mount  නවසීලන්තයේ උසම කඳු මුදුන වන අතර, එම කඳු මුදුන තරණය කිරීමට ගිය කඳු නගින්නන් සිව්දෙනකුගෙන් යුත් කණ්ඩායමක දෙදෙනෙක් එම කදු මුදුනින් පහළට ඇදවැටී ජීවිතක්ෂයට පත්ව ඇති බ්ව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.


දකුණු ඇල්ප්ස් කඳු මුදුනට ඉහළින් පිහිටි මෙම කඳු මුදුන මීටර් 3,724ක් උසකින් යුක්ත අතර මෙම පිරිසේ සිටි ඉතිරි සාමාජිකයින් දෙදෙනා හෙලිකොප්ටරයක් ආධාරයෙන් මුදාගැනීමට ආපදා අංශ කටයුතු කර ඇත.

මෙම මියගිය දෙදෙනාගෙන් එක් අයෙකු කඳු නැගීමේ මාර්ගෝපදේශකයකු බව ද විදෙස් වාර්තා කරයි.