හැඩ ඔය ද්‍රෝණිය සහ කුඹුක්කන් ඔය ආශ්‍රිතවත් ගංවතුර අනතුරු හැඟවීම්

0
593

සටහන – රුවන් නෙළුගොල්ල

හැඩ ඔය ද්‍රෝණියේ මොනරාගල දිස්ත්‍රික්කයේ සියඹලාණ්ඩුව සහ අම්පාර දිස්ත්‍රික්කයේ ලාහුගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් හැඩ ඔය ආශ්‍රිත පහත් බිම්වලට ඉදිරි පැය 48 ඇතුළත ගංවතුර තත්වයක් ඇතිවීමේ හැකියාවක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

එසේම කුඹුක්කන් ඔය ද්‍රෝණියේ ධාරා ප්‍රදේශවලට ලැබෙන අධික වර්ෂාපතනය හේතුවෙන් මොනරාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නක්කල, කුඹුක්කන, මාදුරුකැටිය යන ග්‍රාම නිලධාරී කොට්ඨාසවලට මෙන්ම බුත්තල ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයේ ඔක්කම්පිටිය හා ගාමිණීපුර යන ග්‍රාම නිලධාරී කොට්ඨාසවලට අයත් කුඹුක්කන් ඔය ආශ්‍රිත පහත් බිම්වලට ඉදිරි පැය 24 තුළ ගංවතුර තත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින බවත් එම දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.