සටහන: සශිකලා මධුෂාණී
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 26: ඊජිප්තුවේ අගනුවර වන කයිරෝ නගරය වටා දිවෙන රින්ග් රෝඩ් අධිවේගී මාර්ගයේ ඉන්ධන ප්‍රවාහන බවුසරයක් අනතුරට ලක්වීමෙන් හටගත් දැවැන්ත ගින්නකින් පුද්ගලයන් 31 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙම අනතුරෙන් තවත් පුද්ගලයන් අවම වශයෙන් 21 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරන අතර බවුසරය අනතුරට ලක්වීමත් සමඟ ඉන්ධන ගිනිගෙන විශාල ගින්නක් පැතිර ගොස් ඇති අතර, ඒ හේතුවෙන් මාර්ගයේ ගමන් කරමින් තිබූ මෝටර් රථ සහ යතුරුපැදි රැසක් ගිනිගෙන විනාශ වී තිබේ.
ගින්න හේතුවෙන් අධිවේගී මාර්ගයේ ගමනාගමනයට ද දැඩි බාධා එල්ල වී ඇති අතර, ගිනි නිවන සහ සහන සේවා කණ්ඩායම් වහාම එම ස්ථානයට යොදවා ඇත.
අනතුරට නිශ්චිත හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකෙරෙන බව වාර්තා වේ.

