රෂිකා හෙන්නායක නොවැම්බර් 26, කොළඹ LNW:
දෝහා හි ‘West End Park’ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවති පළමු අවසන් පූර්ව තරගයේදී ඉන්දීය ‘A’ කණ්ඩායම පරාජය කිරීමට ශ්‍රී ලංකා ‘A’ කණ්ඩායම සමත්විය.
මෙම තරගයේදී ඉන්දීය ක්‍රීඩකයින් විසින් ශ්‍රී ලංකාවට ලකුණු 318ක ඉලක්කයක් ලබාදෙන ලදී.
පවන් රත්නායකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ එම ඉලක්කය ඉතා සාර්ථක ලෙස පසුකර ගියහ.
ඒ අනුව, තරගයේ පන්දු වාර 42ක් අවසානයේ කඩුලු 2ක් පමණක් දැවී ජයග්‍රහණය වාර්තා කිරීමට ඔවුන්ට හැකිවිය.
මෙම විශිෂ්ට ජයග්‍රහණයත් සමඟ ආසියානු නැගීඑන තරු එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.


