ඩී.ඒ. රාජපක්ෂ 55වන ගුණ සමරු දේශනය ජනපති රනිල්ගේ ප්‍රධානත්වයෙන්

Date:

දිවංගත ඩී.ඒ. රාජපක්ෂ මහතාගේ 55වන ගුණ සමරුව නිමිත්තෙන් විශේෂ ගුණ සමරු දේශනය පෙරේදා (24) පස්වරුවේ කොළඹ නව නගර ශාලාවේදී පැවැත්වුණු අතර එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී විය.

රාජපක්ෂ අනුස්මරණ අධ්‍යාපනික, සංස්කෘතික හා සමාජ සේවා පදනම විසින් සංවිධානය කර තිබූ මෙම උළෙලේ මුලසුන මහා විහාර වංශික ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක මිනුවන්ගොඩ පත්තඩුවන භික්ෂු අභ්‍යාස ආයතනාධිපති පූජ්‍ය නැදගමුවේ විජය මෛත්‍රී ස්වාමීන් වහන්සේ විසින් හොබවනු ලැබීය.

“එක් තීරයක් – එක් මාවතක් තිරසාර සංවර්ධනයට උගත හැකි පාඩම්” මැයෙන් මැලේසියාවේ ක්වාලාලූම්පූර් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සමිත හෙට්ටිගේ මහතා විසින් ප්‍රධාන ගුණ සමරු දේශනය සිදු කරන ලදී.

ගුණ සමරු දේශනය ඇතුළත් කෘතිය ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීම ද මෙහිදී සිදු කෙරිණි.

‍කොළඹ නව නගර ශාලාවේ තැන්පත් කර තිබූ ඩී.ඒ. රාජපක්ෂ පිළිරුවට මල්දමක් පළඳවා උපහාර දැක්වීම කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් සිදු කළේය.

නාරාහේන්පිට අභයාරාමාධිපති, බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද නායක හිමිපාණන් වහන්සේ, පූජ්‍ය වටිනාපහ සෝමානන්ද ස්වාමීන් වහන්සේ සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේ, රාජ්‍ය අමාත්‍යවරුන් වන ඩී.බී. හේරත්, ඉන්දික අනුරුද්ධ, ශෂේන්ද්‍ර රාජපක්ෂ, ජානක වක්කුඹුර, එක්සත් ජාතික පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන චමල් රාජපක්ෂ, ගාමිණි ලොකුගේ, එස්.එම්. චන්ද්‍රසේන, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ යන මහත්වරු ද විදෙස් තානාපතිවරු ඇතුළු ආරාධිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අයිස් හදපු තවත් ස්ථානයක් හම්බන්තොටින් හමුවෙයි!

කොළඹ LNW: අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කළැයි සැකකෙරෙන තවත් නිවසක්...

මරණයෙන් සතුටු වන්නේ වමයි, සටන් කරපියව්, නැතිනම් මැරියව්! – සංක්‍රමණිකයන්ට එරෙහිව කෝටිපති සංක්‍රමණිකයෙක් කියයි

මරණයෙන් සතුටු වන්නේ වමයි, සටන් කරපියව්, නැතිනම් මැරියව්! - සංක්‍රමණිකයන්ට එරෙහිව කෝටිපති සංක්‍රමණිකයෙක් කියයි

ඉන්දියාවේ වරාව් ග්ලෝබල් පදනම (Waraw Global Foundation) ශ්‍රී ලංකාවේ සේවයට පැමිණෙයි!

කොළඹ LNW:දුප්පතු සහ ආන්තිකකරණයට ලක්වූවන්ට අධිකරණමය යුක්තිය ලබා ගැනීමේ...