අද චමරිගේ දවස

Date:

සටහන – නිශ්මං රණසිංහ

කොළඹ (LNW): බිග්බෑෂ් කාන්තා විස්සයි විස්ස තරගාවලියේ සිඩ්නි තන්ඩර් කණ්ඩායම අද සිට සිඩ්නි ක්‍රීඩාංගණයේදී මුහුණ දෙන තරගවලදී ශ්‍රී ලංකාවේ චමරි අතපත්තු වෙනුවෙන් ආසන ගණනාවක් සහිත කොටසක් වෙන් කරන්නට තීරනය වී තිබෙනවා.චමරි බේ නමින් හැඳින්වෙන මේ ආසන පෙළ ඇය නමින් නම් වෙන්නේ සිඩ්නි තන්ඩර් කණ්ඩායම වෙනුවෙන් චමරි පිත්තෙන් මෙන්ම අවශ්‍යය මොහොතේදී පන්දුවෙන්ද දක්වන දස්කම් සැළකිල්ලට ගෙනයි.


විදෙස් රටක ක්‍රීඩාංගණයක කණ්ඩායමක් වෙනුවෙන් ලාංකේය ක්‍රීඩකයෙක්ගේ හෝ ක්‍රීඩිකාවකගේ නමින් ඔවුන් සහභාගි වන තරගවල දී කොටසක් වෙන් කර තැබීමක් කරන පළමු අවස්ථාව මෙයයි.බොහෝ විට ක්‍රිකට් පරිපාලනය ලෙස පිරිමි කණ්ඩායමේ හැකියාවන් සමඟ පිරිස් පැටලෙමින්,බලපෑම් ඇති කරමින් ගැටෙමින් සමස්ත ක්‍රිකට් ගැන චිත්‍රයක් සමාජ ගත කරමින් සිටින මොහොතක,එවැනි බලපෑම්වලින් තොරව නිදහසේ ගලා යන කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව පසුගිය කාලයේ ජාත්‍යන්තර වශයෙන් දැඩි අවධානයක් දිනා ගෙන ඇත.ඒ චමරි අතපත්තුනම් සුවිශේෂි ක්‍රිඩිකාව මූලික කරගෙන දක්වන දස්කම් හේතුවෙන්ය.
චමරි පමණක් නොවන තවත් ක්‍රීඩිකාවන් ද ඇය සමඟ මේ වන විට ලෝකයේ අවධානයට ලක්වෙමින් තිබෙන අතර ඒ අතර අලුත් බලාපොරොත්තු ලෙස වැඩෙන හර්ෂිතා සමරවික්‍රම,විශ්මි ගුණරත්න,කවීශා දිල්හාරි වැනි ක්‍රීඩිකාවන් ද,අලුතෙන් ආරම්භ වි ඇති පාසල් කාන්තා ක්‍රිකට් කණ්ඩායම් මෙන්ම,ක්‍රීඩා සමාජ කාන්තා තරගාවලිය හරහා දකින්නට ලැබෙන දස්කම් ද චමරිගේ ආභාෂය හරහා යමින් ශ්‍රී ලාංකේය කාන්තා ක්‍රිකට් අලුත් දිශාවකට යොමු වෙමින් පවතින්නේය.


මේ වනවිට කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ ජාතික මට්ටමේ ක්‍රීඩිකාවන්ට ද පිරිමි ජාතික කණ්ඩායමට සමාන තරග මුදල් දීමනා ලබා දෙමින් ස්වාධිනව කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවන් සහ කණ්ඩායම ජාත්‍යන්තර වශයෙන් ඉදිරියට ගෙනවිත් තිබෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රකාශනයෙක් පැවසූ අතර කෝකියන් වැඩි නොවෙන විට සුප් එකේ රස සහ ගුණ ඉහළින් පවත්වා ගැනීමට හැකි බවට මෙය හොඳ උදාහරණයක් බව ද පැවසීය.
අද සිඩ්නි හි දී අලුත් සළකුණක් සමස්ත ලාංකේය ක්‍රිකට් වෙනුවෙන් ඇති කරන චමරි ලබන ප්‍රසාදය,ගෞරවය සහ අභිමානය සමස්ත ලාංකේය ක්‍රිඩාවේම අභිමානය වෙනුවෙන් ඇය සිය දස්කම්වලින් උපයා දුන් එකකි.ඒ නිසා අද සමස්ත ශ්‍රී ලංකාවේම ගෞරවය චමරිට හිමි විය යුතු දවසකි.මේ සමග දක්වා ඇත්තේ චමරි දියුණු ක්‍රිකට් සංස්කෘතියක් සහිත සිඩ්නි තණ්ඩර්ස් හී ප්‍රේක්ෂක ප්‍රජාව අතර දිනා ඇති ආදරය පැහැදිළි කරන ඡායාරූපයකි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යුක්තිය මෙහෙයුමෙන් කළේ බොරුවක්ද? – මාස 05ට පොලීසිය හොයාගෙන තිබෙන අයිස් සහ හෙරොයින් තොගය!

කොළඹ LNW:පසුගිය මාස 05ක කාලය තුළ මත්ද්‍රව්‍ය මර්දනය කිරීමේ...

නොනිමි ලෝක යුද්ධයක් බවට පත්වේද…..?

අශෝක ජයතුංග ජූනි 24 වොෂින්ටන් LNW : 🍎නොනිමි ලෝක යුද්ධයක් බවට...

මේ පොත කියවන්න.ඔබ හිරවෙලා ඉන්න තැන නිදහස් කර ගැනීම වෙනුවෙන්

නිශ්මං රණසිංහ ජුනි 24, කොළඹ LNW: ලංකාවෙ බන්ධනාගාරය සම්බන්ධයෙන් මේ...

ට්‍රම්ප්ගේ පණිවිඩයෙන් පසු ලෝක ඉන්ධන වෙළෙඳපොළේ වෙනසක්!

කොළඹ LNW:ඉරානය සහ ඊශ්‍රායලය අතර සටන් විරාමයකට එකඟ වී...