*
Saturday, May 10, 2025
spot_img

Latest Posts

දේශීය පුවත් විස්තරය: සාරාංශය 11/26

  1. 2030 වන විට ශ්‍රී ලංකාව විසින් සිය හමුදාව සාමාජිකයන් 150,000 දක්වා අවමකර නිවැරදි ප්‍රමාණයට පවත්වා ගැනීමට කටයුතු කරන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පවසයි: නවීන තාක්ෂණය මඟින් හමුදා ශක්තිමත් කරන බැවින් මෙම කප්පාදුව රටේ ජාතික ආරක්ෂාවට කිසිඳු බලපෑමක් ඇති නොකරන බව පවසයි: ඒ අනුව, යුද හමුදා සාමාජිකයන් 100,000 දක්වා ද, නාවික හමුදා සාමාජිකයන් 30,000 දක්වා ද, ගුවන් හමුදා සාමාජිකයන් 20,000 දක්වා ද අවම කරනු ඇති බව සඳහන්.
  2. රජයේ භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කරවල ආයෝජනය කර ඇති විදේශීය හොට්-මනි (hot-money) ආකාරයේ ආයෝජන දිගින් දිගටම ඉවත් වෙමින් පවතින බවට මහ බැංකු සතිපතා දත්ත පෙන්නුම් කරයි: 2023 සැප්තැම්බර් 30 වන දින වන විට පැවති රු. බිලියන 159.2 (ඇ.ඩො. මිලියන 492) සිට 2023 නොවැම්බර් 30 වන දින වන විට රු. බිලියන 130.6 (ඇ.ඩො. මිලියන 397) දක්වා දැවැන්ත ප්‍රමාණයකින් පහත වැටේ: දැවැන්ත ලෙස ලාභ ලැබීමෙන් අනතුරුව තවදුරටත් බරපතළ ලෙස හොට්-මනි ආකාරයේ ආයෝජන ඉවත්ව යාම හේතුවෙන් රුපියලේ අගය අවප්‍රමාණය වීම වැළැක්විය නොහැකි බව විශ්ලේෂකයන්ගේ මතයයි.
  3. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අදාළ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභා විමර්ශනයන් එම කමිටුවේ සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාරගේ ප්‍රධානත්වයෙන් තොරව දිගටම පවත්වා ගෙන යාමට පක්ෂ නායක රැස්වීමේදී තීරණයකළ බව කතානායක මහින්ද යාපා අබේවර්ධන පවසයි.
  4. ඊශ්‍රායල – හමාස් යුධ තත්ත්වය ද නොතකා, ලබන වැටුපට වඩා දස ගුණයක වැටුපක් අපේක්ෂාවෙන් කෘෂිකාර්මික අත්උදව්කරුවන් ලෙස ශ්‍රී ලංකා කම්කරුවන් 20,000ක් 2023 දෙසැම්බර් මස ඊශ්‍රායලයට පියාසර කිරීමට සූදානම් වෙමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි: ශ්‍රී ලංකාවට ඩොලර් සහ විදේශ ප්‍රේෂණවල දැඩි අවශ්‍යතාවය පවතින බව ද වාර්තා වේ.
  5. ඊශ්‍රායලයට යවන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට හමුදා පුහුණුවක් ලබාදීමට නියමිත බව මුස්ලිම් කොංග්‍රසයේ නායක පා.ම. රවුෆ් හකීම් පවසයි: මෙම චෝදනාව කම්කරු අමාත්‍ය මනුෂ නානායක්කාර ප්‍රතික්ෂේප කරයි.
  6. අධික වර්ෂාව හේතුවෙන් ජල විදුලි උත්පාදනය පූර්ණ ධාරිතාවයෙන් සිදු වූ නිසා ලංකා විදුලිබල මණ්ඩලයට පසුගිය මාසයේදී රු. බිලියන 16 ක අමතර ආදායමක් ලැබුණු බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි: ජලාශවල ජල මට්ටම සම්පූර්ණ ධාරිතාවට ආසන්න වී ඇති බැවින් සම්පූර්ණ ධාරිතාවයෙන් යුතුව ජල විදුලිය උත්පාදනය කළ හැකි නිසා මේ මාසය තුළ ඊට සමාන හෝ ඉහළ ආදායමක් අපේක්ෂා කළ හැකි බව ද පවසයි.
  7. 2023 නොවැම්බර් 25 වන දින සිට ක්‍රියාත්මකවන පරිදි පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න සිය ධුරයෙන් විශ්‍රාම ලබන බවට පොලිස් ආරංචිමාර්ග සඳහන් කරයි: ඔහු විශ්‍රාම යාමට නියමිතව තිබුණේ 2023 මාර්තු 26 වන දින වූව ද, ඔහුගේ සේවාකාලය අවස්ථා 4 ක දී දීර්ඝ කර තිබිණි.
  8. යාපනය බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාරගතකර සිටි පුද්ගලයකු මරණයට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරීන් හතර දෙනෙකු අත්අඩංගුවට: ඔවුන් 2023 දෙසැම්බර් 4 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.
  9. සැකකරුවකු ලුහුබැඳ යන අතරවාරයේ දී ජා ඇල ප්‍රදේශයේ ඇලකට පැනීමට සිදුවීම මත දියේ ගිලී මියගිය 26 හැවිරිදි පොලිස් කොස්තාපල් ක්‍රිෂ්ණමූර්ති ප්‍රතාපන් මරණින් පසු සැරයන් නිලයට උසස් කර ඇති බව වාර්තා වේ.
  10. ශ්‍රී ලංකා ක්‍රිකට් මණ්ඩලයේ මුදල් වියදම් කළ ආකාරය සහ 2023 ලෝක කුසලාන තේරීම්වලට ඇඟිලි ගැසීම් සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යංශය විසින් ජනතාව නොමඟ යවා ඇති බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් චෝදනා කිරීම මත දෙපාර්ශවය අතර ගැටුම උත්සන්න වී ඇති බව වාර්තා වේ.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan