*
Friday, May 3, 2024
spot_img

Latest Posts

ඊශ්‍රායලය කොන්දේසි කඩකිරීම නිසා ප්‍රාණඇපකරුවන් මුදාහැම ප්‍රමාද කිරීමට හමාස් තීරණයක් ගනී!

කොළඹ LNW:ඊශ්‍රායලය පාර්ශ්වයෙන් ඔවුන් එකඟ වූ පරිදි සටන් විරාම ගිවිසුම ක්‍රියාත්මක නොකරන බැවින් ප්‍රාණඇපකරුවන් මුදා හැරීමේ දෙවන අදියර ප්‍රමාද කරන බව හමාස් සන්නද්ධ අංශය නිවේදනය කර තිබේ.

විශේෂයෙන්ම ආධාර රැගෙන එන රථ සදහා උතුරු ගාසා තීරයට ඇතුළු වීම ඊශ්‍රායල හමුදා විසින් අවහිර කරමින් සිටින බවයි හමාස් සංවිධානය සඳහන් කර ඇත්තේ.

උතුරු ගාසා තීරයට ආධාර රැගත් ට්‍රක් රථ සියයක් පැමිණීමට නියමිතව ඇතත් ඊශ්‍රායල හමුදා උතුරු ගාසා තීරයට ඇතුළුවීමට ඉඩ දී ඇත්තේ ට්‍රක් රථ තුනකට පමණි.

එමෙන්ම පලස්තීන සිරකරුවන් නිදහස් කිරීමේ දී, ජ්‍යේෂ්ඨත්වය මුල්තැන දිය යුතු යැයි ඇති වූ එකගතාවය ඊශ්‍රායලය නොතකා හැර ඇති බවද හමාස් සංවිධානය කියාසිටියි.

මේ අතර පසුගිය ඔක්තෝබර් හත්වන දා හමාස් සංවිධානය විසින් සිය භාරයට ගනු ලැබූ ප්‍රාණ ඇපකරුවන් 24 දෙනෙකු ද ඔවුන් නිදහස් කර තිබේ.

ප්‍රාණ ඇපකරුවන් නිදහස් කර ගැනීම සදහා මැදිහත් වී සිටින්නේ කටාර් රාජ්‍යයයි.

තමන් භාරයේ සිටින ප්‍රාණ ඇපකරුවන් හමාස් සංවිධානය විසින් මුදා හරින්නේ ඊශ්‍රායල අත්අඩංගුවේ පසුවන පලස්තීන ජාතිකයන් පිරිසක් මුදා හැරීමේ කොන්දේසිය මතයි.

මේ වන විට ඊශ්‍රායල රජයද ඔවුන් භාරයේ සිටි පලස්තීන සිරකරුවන් තිස් නම දෙනෙකු මුදා හැර තිබේ.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan