ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මල්වතු පාර්ශවයේ මහා නායක හිමියන් බැහැ දැකීමට පැමිණේ.

Date:

සටහන – නදීක දයා බණ්ඩාර

මහනුවර (LNW)
: නියමිත පරිදි ක්‍රීඩා සංගම් නියාමනය කරන්නේ නම් කුසලාන පදක්කම් ශ්‍රී ලංකාවට ලබා ගත හැකි යැයි ක්‍රීඩා හා වාරිමාර්ග අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසයි.

ක්‍රීඩාවට වෙන් කරන මුදල් ක්‍රීඩාවේ උන්නතිය උදෙසාම යොදවන්නේ නම් ගම්වල සිටින දක්ෂ දරුවන් ඉදිරියට යොමු කිරීමේ හැකියාව පවතින බව ද ඒ මහතා තව දුරටත් පැවසීය.

මහනුවරට පැමිණි ක්‍රීඩා අමාත්‍යවරයා සියම් මහ නිකායේ මල්වතු පාර්ශවයේ මහා නායක හිමියන් ඊයේ (25) බැහැ දැක උන් වහන්සේ හමුවේ මේ බව සඳහන් කළේය.

මෙම වර්ෂය තුළදී දක්ෂ කණ්ඩායම් හදුනා ගැනීමක් කළ බව ද අමාත්‍යවරයා කීවේය. ඒ යටතේ විවිධ ක්‍රීඩා ඉසව් තුළින් පදක්කම්, කුලසාන 170ක් ශ්‍රී ලංකාව වෙනුවෙන් ලබා ගැනීමට හැකිවූ බව ද ඒ මහතා කීවේය.

ගම්මානවල ක්‍රීඩාවට අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කොට ආධුනික ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා ක්‍රීඩා භාණ්ඩ ලබා දිය යුතු යැයි ද ඒ මහතා සඳහන් කළේය.

මොරගහකන්ද ජලාශයේ සිට අනුරාධපුරය දක්වා ජලය ප්‍රවාහනය කරන උමඟේ ඉදිකිරිම් ඉකුත්දා ආරම්භ කළ බවත් පසුගිය සමයේදී පැවැති ආර්ථීක අර්බුද හේතුවෙන් එය තාවකාලිකව නවතා දැමූ බවත් ඔහු කීවේය. නමුත් ආර්ථීකයට වැදහත් සංවර්ධන ව්‍යාපෘති යළි ආරම්භ කිරීමත් සමඟ එම ඉදිකිරීම් ආරම්භ කළ බව ද ක්‍රීඩා අමාත්‍ය රොෂන් රණසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉදිරි වසර 05ක කාලය තුළදී මෙරට නිවාස අවශ්‍යතාව සපුරාලීමට සැලසුම්!

කොළඹ LNW:මෙරට නිවාස අවශ්‍යතාව ඉදිරි වසර 05ක කාලය තුළදී...

රටේ ක්‍රිකට් ගැන සැබෑ කියවීමක් වෙමින් කාන්තා ක්‍රිකට් සූරතාව නාවික හමුදාව දිනා ගනියි

නිශ්මං රණසිංහ අගෝස්තු 20, කොළඹ LNW: පළමු පෙළ කාන්තා සීමීත පන්දුවාර...

ලක්ෂ්මන් යාපාගේ අල්ලස් නඩුවටත් නියෝගයක් ලැබෙයි!

කොළඹ LNW:හිටපු ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන සහ...