ලෝක ගෘහස්ත මලල ක්‍රීඩා සූරතාවලිය වෙනුවෙන්, මලල ක්‍රීඩා කෞතුකාගාරය ග්ලාස්ගොව් එයි

Date:

සටහන – නිශ්මං රණසිංහ

කොළඹ (LNW): ගෘහස්ත මලල ක්‍රීඩා ලෝක සූරතාවලිය 2024 පැවත්වෙන ග්ලාස්ගොව් වෙත ලෝක මලල ක්‍රීඩා කෞතුකාගාර ප්‍රදර්ශනයක් ලබා දීමට ලෝක මලල ක්‍රීඩා කෞතුකාගාර පරිපාලනය එකඟ වී ඇත.ග්ලාස්ගොව් තරග අධ්‍යක්ෂ සටුවර්ට් කැම්බල් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ප්‍රකාශ කළේ “අපගේ ලෝක මලල ක්‍රීඩා ගෘහස්ථ ශූරතා නගර සක්‍රීය කිරීමේ සැලසුම්වල කොටසක් ලෙස මෙම උද්යෝගිමත් ප්‍රදර්ශනය ග්ලාස්ගෝ වෙත ගෙන ඒමට MOWA සමඟ එක්ව කටයුතු කිරීමට ලැබීම ගැන අපි සතුටු වෙනවා” යනුවෙන්ය.


Museum of World Athletics (MOWA) වන ලෝක මලල ක්‍රීඩා කෞතුකාගාරය ඩිජිටල් ලෝකයේ ස්ථාපිත කරන ලද පළමු ක්‍රීඩා කෞතුකාගාරය වන අතර එය ක්‍රීඩා ලෝකයට නවෝත්පාදන සහ නිර්මාණාත්මක තාක්‍ෂණයන් නව මට්ටමකට ගෙන එයි.එසේම ලෝකයේ පරමාදර්ශි ක්‍රීඩකයන් විසින් පරිහරනය කරන ලද ඇදුම් පැළදුම්,පාවහන් ආදි විවිධ උපකරණ ආදිය ඔවුන්ගේ පරිත්‍යාග ලෙස ද,වෙනත් පුද්ගලයින් විසින් ලබා දුන් පරිත්‍යාග ලෙස ද මෙම කෞතුකාගාරයේ වටිනාකම පුළුල් කරන්නට එකතු වී ඇත.


ග්ලාස්ගෝ හි මධ්‍යයේ ශාන්ත ඉනොක් මධ්‍යස්ථානයේ බිම් මහලේ මෙම කෞතුකාගාර ප්‍රදර්ශනය පැවත්වීමට කටයුතු යොදා ඇති අතර,විවෘත කිරීමේ උත්සවයක් පෙබරවාරි 2 සිකුරාදා සවස පැවැත්වේ. පෙබරවාරි 3 සෙනසුරාදා සිට මාර්තු 3 ඉරිදා දක්වා, මාර්තු 1 දා සිට 3 දා දක්වා පැවත්වෙන ලෝක ගෘහස්ත මලල ක්‍රීඩා සූරතාවලිය 2024 වෙනුවෙන් ක්‍රියාත්මක මෙම කෞතුකාගාර ප්‍රදර්ශනය පැවත්වේ.
එක්සත් රාජධානියට ග්ලාස්ගොව් අයත් වුව ද,පොදු රාජ්‍ය මණ්ඩලීය තරගවලදී එම ප්‍රදේශය අයත් ස්කොට්ලන්තය වෙනම රාජ්‍යයක් හැටියට කටයුතු කරන අතර මෙම ප්‍රදර්ශනයේදී ස්කොට්ලන්ත ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දස්කම් සහිත ඉතිහාසය සම්බන්ධයෙන් ද මේ කෞතුකාගාරයේ ඉඩ වෙන් කිරීමට කටයුතු සිඳු කරනු ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආරක්ෂක සේවා බේස්බෝල් පිරිමි ශූරතාව ප්‍රථම වරට ගුවන් හමුදාවට

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ත්‍රිවිධ හමුදා ක්‍රිඩක ක්‍රිඩිකාවන්ගේ...

සිංගප්පූරුව ඉදිරයේ ශ්‍රී ලංකාව ලද අපකිර්තිමත්ම පරාජය…

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW ශ්‍රී ලංකාව මෙවර ආසියානු...

ලෝකයට තරම් රටට නොවටින නෙත්මි

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ලෝකයේ දැවන්තම මල්ලව පොර...

IMF හතරවැනි ණය වාරිකයට අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්...