ඉල් මස පෝය නිමිත්තෙන් ශ්‍රී දළදා මාලිගාවේදී විශේෂ ආගමික වැඩසටහන්!

0
309

සටහන – නදීක දයා බණ්ඩාර

මහනුවර (LNW)
: ඉල් මස පුර පසළොස්වක පෝය දින නිමිත්තෙන් ශ්‍රී දළදා මාලිගාවේදී අද දිනය පුරා විශේෂ ආගමික වැඩසටහන් පැවැත්විණි.

දළඳා මාලිගා පරිශ්‍රයේ ඓතිහාසික මහ මළුවේදී සීල ව්‍යාපාරයක් පැවැත්වුණු අතර දන්ත ධාතූන් වහන්සේ වැද පුදා ගැනීම සඳහා ද විශාල පිරිසක් සහභාගීව සිටියෝය.

මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේ නියත විවරණ ලැබීම, ප්‍රථම ධර්ම දූත සේවය, තුන් බෑ ජටිලයන් දමනය, අග්‍රශ්‍රාවක සැරියුත් මහරහතන් වහන්සේ පිරිණිවන්පෑම ඇතුළු ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් මෙම පෝය දින සිදුව ඇතැයි බෞද්ධ සාහිත්‍යයේ සඳහන්.

සැදැහැවතුන්ට අවශ්‍ය පහසුකම් දියඩනව නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසින් සම්පාදනය කොට ඇති අතර ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ද වැඩසටහන් එහිදී ක්‍රියාත්මක විය.