දින 50 කට පසු පරනොවී ආ රෝස මල  Emily Hand !

සටහන – රෂිකා හෙන්නායක.

ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): 9 හැවිරිදි අයර්ලන්ත ජාතික දැරියක හමාස් සටන්කාමීන්ගේ ප්‍රාණ ඇපයේ දින 50 ක් සිට නිදහස ලබා පැමිණි බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි . ඇය එමලි හෑන්ඩ් ය.

එමලි ගේ මව පිළිකාවකින් මියගොස් ඇති අතර ,එමලි ට සිටින්නේ පියා පමණි. පසුගිය ඔක්තෝබර් 7 වැනිදා හමාස් සටන්කාමීන් දේශසීමා හරහා ගාසා තීරයට කඩා වැදී පහර දෙද්දී, එමලි සිටි ඇත්තේ ඇගේ ඊශ්‍රායල ගාසා දේශසීමාවට නුදුරින් පිහිටි ඇගේ යෙහෙළියකගේ නිවසේය.

සටන්කාමීන් ඇය සිටි නිවසට කඩා වැදී ඇය බලහත්කාරයෙන් ගාසා තීරයට රැගෙන ගියේ, ඇය ඇද සිටි පිජාමාව පිටිනි. එමලි ඇගේ 9 වැනි උපන් දිනය සැමරුවේ ද හමාස් ප්‍රාණ ඇපයේ සිටිද්දී යැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එමලිගේ පියා 63 හැවිරිදි තෝමස් හෑන්ඩ් පසුගිය දින 50 පුරාවට සිටියේ දියණිය නැති සොවිණි.

ඔහු නිරන්තකරයෙන් ඊශ්‍රායල හමුදාව සමඟ සම්බන්ධ වී සිදුවන්නේ කුමක්දැයි විමසා සිටියේය. තම දියණිය යළි දකින්න නොලැබේවි යැයි ඔහු හඩා වැලපෙන්න විය. ගති ,මනසින් දහස්වර වැලපුණේය.

ඔහු දිගින් දිගටම දුක් වූයේ, තම එකම දියණිය ආරක්ෂා කර ගැනීමට තමන් ඇය අසල නොසිටි බව පවසමිනි.

ඊශ්‍රායලය සහ හමාස් සටන්කාමීන් අතරේ ඇතිකරගත් එකඟතාවට අනුව, ඒමලි නිදහස් වන බව දැනගත් සැණින්, තෝමස් හෑන්ඩ් අතිශය සතුටට පත් විය. දියණිය වෙනුවෙන් ලොකුම උපන් දින සාදය පවත්වන බව ද ඔහු මාධ්‍ය හමුවේ පවසා ඇත.

බිරිඳ ද අහිමි වුණු තමන්ට සිටින්නේ තම දියණිය පමණක් යැයි තෝමස් පවසන්නේ කඳුළු පිරි දෙනෙතිනි.

එමලිට, ජොන්සී නමින් සුරතල් බලු පැටියෙක් සිටී.

රතු කුරුස සංවිධානය හරහා, හමාස් සටන්කාමීන්, ඔවුන්ගේ ප්‍රාණ ඇපයේ සිටි එමලි සහ තවත් 13 දෙනකු ඊශ්‍රායල හමුදාවට බාර දුන් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.



එමලි හමුවීමට යද්දී තමන් එමලිගේ ආදරය වන ජොන්සී ද රැගෙන යා යුතු යැයි තෝමස් හෑන්ඩ් ඊශ්‍රායල හමුදාවට පැවැසූ අවස්ථාවේදී, ඊශ්‍රායල හමුදාව ඊට විරෝධය පළ කර නැති බවද වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාලිමාවේ ජාතික විධායක කමිටු සාමාජික ලාල් විජේනායක අභාවප්‍රාප්ත වෙයි !

ජාතික ජන බලවේගයේ ජාතික විධායක කමිටු සාමාජික ජ්‍යේෂ්ඨ නීතීඥ...

ඉතිහාසයේ අද වන් දිනෙක – ඉන්දිරා ගාන්ධි ඝාතනය: ඉන්දියාවම කම්පනයට පත් කළ ඛේදවාචකය

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31 : 1984 ඔක්තෝබර්...

බ්‍රිතාන්‍යයේ සිදුකළ වහල් වෙළෙඳාම වෙනුවෙන් නිල සමාවක් ඉල්ලීමට තමා සූදානම් බව බ්‍රිතාන්‍ය අගමැතිවරයා කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: බ්‍රිතාන්‍යය විසින් අතීතයේ...