ග්‍රාම නිලධාරී පුරප්පාඩු පිරවීමට තීරණයක්!

Date:

කොළඹ LNW:ග්‍රාම නිලධාරී විභාගයෙන් සමත් 2238 දෙනෙකු ලබන පෙබරවාරි 4වනදාට පෙර රාජ්‍ය සේවයට එක්කර ගන්නා බව රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා පවසයි.

ග්‍රාම නිලධාරී පුරප්පාඩු සම්පූර්ණ කිරීමේ වැඩසටහන යටතේ එම බඳවා ගැනීම් සිදුකිරීමට නියමිතයි.

වෙන්නප්පුව ග්‍රාම නිලධාරීන්ගේ වෘත්තීය ගැටලු පිළිබඳ සොයා බැලීම සඳහා පැවති සාකච්ඡාවේදීයි රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත්තේ.

2021 වසරේ අයැදුම්පත්‍ර යොමුකළ සුදුසුකම් ලත් විභාග අපේක්ෂකයින් සඳහා ලබන දෙවනදා අදාළ විභාගය පැවැත්වීමටද නියමිතය.

ඒ අනුව මෙම විභාගයෙන් සමත්වන 2,000කට වැඩි පිරිසකට ග්‍රාම නිලධාරී පත්වීම් ලබා දීමටයි යෝජනා වී ඇත්තේ.

ග්‍රාම නිලධාරී සේවා ව්‍යවස්ථාව කඩිනමින් සකස් කර එම නිලධාරීන්ගේ ගැටලු නිරාකරණය සඳහා අග්‍රාමාත්‍යවරයා තමන් වෙත උපදෙස් ලබාදුන් බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර ඇත.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නව ක්‍රිකට් පුහුණු මධ්‍යස්ථානයේ පීත්ත පටිය විශ්මි අතින් කැපෙයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 18, කොළඹ LNW: දඟ පන්දු යැවීම සඳහා...

ජපානයේ Noritake Company Limited වෙතින් රු.මිලි.20ක මූල්‍ය ප්‍රදානයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 18, කොළඹ LNW : ජපානයේ Noritake Company...

මධ්‍යම පළාතේ පාසල් වෙත යළි නිවාඩු!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:මධ්‍යම කඳුකරයේ පවතින අයහපත්...

නාමල්ගේ මාලිමා දමනය !

ග්‍රවුන්ඩ් එකේ නැත්නම් බිමේ වැඩකරනවා කියන එක වමට අයිති...