ආචාර ධර්ම සහ වරප්‍රසාද කමිටුව ඉදිරි දින තුනේදී රැස්වෙයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් ආචාර ධර්ම සහ වරප්‍රසාද කමිටුවේ සභාපති චමල් රාජපක්ෂ මහතාට උපදෙස්දී ඇත්තේ, විනය විරෝධීව හැසිරෙන ලදැයි කියන මන්ත්‍රීවරුන් නව දෙනකුට එරෙහිව ඉදිරිපත් කෙරුණු පැමිණිලි හයක් මේ සතියේදී විශේෂ ප්‍රමුඛත්වය දක්වා විභාග කරන ලෙසයි.

ඒ අනුව ආචාර ධර්ම සහ වරප්‍රසාද කමිටුව හෙට (27), අනිද්දා (28) සහ ලබන 30 වැනිදා එක දිගට රැස්වීමට නියමිතය.

මෙසේ විභාගයට ගැනෙන්නේ ඩයනා ගමගේ රාජ්‍ය අමාත්‍යවරිය සහ සුජිත් සංජය පෙරේරා සහ රෝහන බණ්ඩාර යන මන්ත්‍රීවරුන් අතර ඇතිවූ ගුටිබැට හුවමාරුව සම්බන්ධ පැමිණිලිල්ල , චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ සහකාර මහලේකම් හංස අබේරත්න මහතාට තර්ජනය කිරීමේ සිද්ධිය පිළිබඳ පැමිණිල්ල චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතාට එරෙහිව ඉදිරිපත් කර ඇති පැමිණිල්ල, විපක්ෂ නායකවරයා සනත් නිශාන්ත රාජ්‍ය අමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත් කර ඇති පැමිණිල්ල. සනත් නිශාන්ත මන්ත්‍රීවරයා විපක්ෂ නායක සහ නලින් බණ්ඩාර මන්ත්‍රීවරයාට එරෙහිව ඉදිරිපත් කර ඇති පැමිණිල්ල සහ නීති විරෝධීව රත්රන් ගෙන ඒමේ චෝදනාව සම්බන්ධයෙන් වරදකරුවූ අලි සබ්රි රහීම් මන්ත්‍රීවරයාට එරෙහි පැමිණිල්ලය.

අයවැය අවසන්වීමට පෙර මෙම සියලු සිද්ධීන් විමර්ශන කර අවසන් කරන ලෙස කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ආචාර ධර්ම සහ වරප්‍රසාද කමිටුවේ සභාපති චමල් රාජපක්ෂ මහතාට උපදෙස්දී ඇත.

මෙම පැමිණිලි හය විමර්ශන කර ඉතා කඩිනමින්ම නිර්දේශ කතානායකවරයාට ඉදිරිපත් කිරීමට ආචාර ධර්ම සහ වරප්‍රසාද කමිටුව බලාපොරොත්තු වෙයි.

කතානායකවරයා විසින් එම නිර්දේශ අනතුරුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනු ඇති බවද සඳහන් වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මලල ක්‍රීඩා නිලවරණය කල්දැමීම ගැන සහ සමස්ත ක්‍රීඩාවේ ගමන ගැන…

නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: මලල ක්‍රීඩා සංගමය වෙනස් කිරීමේ...

අල්ලස් කොමිසමෙන් නඩු වැටෙන පළමු මාලිමා ඇමති – ඉංජිනේරු කුමාර ජයකොඩි

ජාතික ජන බලවේගයේ අමාත්‍යවරයෙකු එරෙහිව අල්ලස් නඩුවක්. 2015 වසරේ පොහොර...

කාශ්මීරයේ ගංවතුර සහ නායයෑම් හේතුවෙන් මියගිය සංඛ්‍යාව අඛණ්ඩව ඉහළට!

රෂිකා හෙන්නායක අගෝස්තු 17, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මේ වන විට...

අදින් අවසන් වන GEM CITY ජාත්‍යන්තර මැණික් සහ ස්වර්ණාභරණ ප්‍රදර්ශනය!

රෂිකා හෙන්නායක අගෝස්තු 17, කොළඹ LNW: GEM CITY ජාත්‍යන්තර මැණික්...